නවතම පුවත්

මංගල සූත්‍රය නැවත එයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත්, ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (22) දින පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම 2018 වසරේ මැයි 11 දින සිට ආරම්භ කෙරුණි. එය හඳුන්වා දෙන ලද්දේ දිවංගත මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයාව සිටිය දීය.

එම වකවානුවේ දී මෙම ඉන්ධන මිල සූත්‍රයේ අන්තර්ගතය කුමක්දැයි දිගින් දිගටම, විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශවවලින් දැඩිව විමසා සිටි අතර, එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 ඔක්තෝබර් 18 වෙනි දින මුල් වරට මෙම ඉන්ධන මිල සූත්‍රය කුමක්දැයි අනාවරණය කර සිටියේය.

මිල සූත්‍රය සඳහා පදනම් වන දර්ශක සහ එය ගණනය වන්නේ පහත ආකාරයෙනි. මෙහි එක් එක් විචල්‍යයන් පිළිබඳ විස්තරයක් ඊට පහළින් දැක්වේ.

මිල සූත්‍රය

MRP = V i + V ii + V iii + V iv

උපරිම සිල්ලර මිල (MRP) = වරාය ගොඩබාන පිරිවැය (V i) + සැකසීමේ පිරිවැය (V ii)

                                        + පරිපාලන පිරිවැය (V iii) + බදු පිරිවැය (V iv)

(V i) වරායේ ගොඩබාන පිරිවැය

මෙහි දී බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල (Platt’s Price) මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් ද සැලකිල්ලට ගැනේ.

(V ii)සැකසීමේ පිරිවැය

සැකසීමේ වියදම්වලට දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ද ඇතුළත්ය.

(V iii) පරිපාලන පිරිවැය

මේ යටතට සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද රුපියලේ අගය අවප්‍රමාණවීම ද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම් ද ඇතුළත් වේ.

(V iv) බදු පිරිවැය

මීට අයත්වන්නේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම්ය.

මෙකී දර්ශක හතරෙහි එකතුවෙන් රථවාහන ඉන්ධන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) තීරණය වන බව එහිදී මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.

ඉහත මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී සිංගප්පූරු (Platt’s) බැරලයක මිල මෙන්ම රුපියලේ හුවමාරු වටිනාකම වෙනස්වීම පාලනය කළ නොහැකි විචල්‍යයන් වේ. අනෙකුත් දර්ශකයන් පාලනය කළ හැකි ස්ථාවර ඒවා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්