නවතම පුවත්

ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අපගේ අධ්‍යාපන ක්‍රමවේදය 21 වැනි ශතවර්ෂයට සරිලන ලෙසට යාවත්කාලීන නොවීම සහ නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ අධ්‍යාපනයේ අරමුණු හරිහැටි තේරුම් නොගෙන සම්පත් සොයාගැනීමට අපොහොසත්වී තිබීම කණගාටුවකට කරුණක් බව යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා හා ශිෂ්‍යත්ව කමිටුවේ සභාපති ජයශ්‍රී ප්‍රියලාල් මහතා පවසා සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කලේ යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලය (Uni Global International) මගින් මෙහෙයවන තැපැල් දෙපාර්මේන්තුවේ සේවක දරුවන් සදහා ජපානයේ තැපැල් සේවක වෘත්තීය සමිතිය මගින් ලබාදෙන ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය 2024.03.23 දින කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවත තැපැල් මූලස්ථාන ශ්‍රවනාගාරයේදී  පැවැති උත්සවයේදීය.

මෙම අවස්ථාව සඳහා යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයයේ විදේශ නියෝජිතයින්, තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයින්, තැපැල්පතිතුමා හා සමස්ථ දිවයිනෙන්ම තෝරාගත් ශිෂ්‍යත්ව ලාභීන් සහ ඔවුන්ගේ දෙමාපියන්ද සහභාගී විය.

එහිදී යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා හා ශිෂ්‍යත්ව කමිටුවේ සභාපති ජයශ්‍රී ප්‍රියලාල් මහතා විසින් කරන ලද සම්පූර්ණ දේශණය පහතින් වේ.

Ayubowan, Very Good Afternoon

Bro. Rajendra Acharya Bro Tomoaki Ueda I seek your indulgence to speak in my mother tongue Sinhalese as the audience gathered will certainly benefit, as I can speak to their hearts with local language.

Thamil pesum nanbargale unga elloarukum wannakam, en oda warthangal Sinhala molil kathekka awasram kettukondu irukkuren.

සුභ සන්ධ්‍යාවක්

අපගේ ප්‍රධාන ආරාධිත ශ්‍රී ලංකා  තැපැලේ තැපැල්පති තුමා වන සත්කුමාර මහතානෙනි, විශේෂ ආරාධිතයන් වන යුනි ඇප්රෝ ආයතනයේ කාලාපීය ලේකම් රාජේන්ද්‍ර ආචාර්යා සහෝදරයා සහ ජපානයේ යුනි කාර්යාලයේ විධායක ලේකමි ටොමොයාකි උවෙඩා සහොදරය, නියෝජ්‍ය තැපැල්පති වරුනි, භාග්‍යා සෙනෙවිරත්න මහත්මියෙනි, තැපැල් වෘත්තීය සමිති වල සභාපති වරුන් වන ජී ජී සී නිරෝෂණ,  ගාමිණී හෙට්ටිආරච්චි, චින්තක බණ්ඩාර සහෝදරවරුන් ඇතුළු සියළුම නිලධාරීන් ගෙන් සහ යුනි ශ්‍රී ලංකා කවුන්සිලයේ සභාපති චන්න දිසානායක සහෝදරය, ශිෂ්‍යත්ව මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මියෙනි,  ශිෂ්‍යත්ව ලාභී සිසු සිසුවියෙනි, දෙමාපියෙනි නෝනාවරුනි මහත්මවරුනි, මෙම උත්සව සභාවට පැමිණි ඔබ සියළු දෙනාගෙන්ම අවසරයි.

පුරා දශක දෙකක් ශ්‍රී ලාංකේය දුවාදරුවන්ට ජපානයේ තැපැල් සේවකයින්ගේ නොමසුරු මුල්‍ය අනුග්‍රහය යටතේ මෙම ශිෂ්‍යත්ව ක්‍රමය පවත්වාගෙන යාමට ලැබීම මා ලද භාග්‍යක් ලෙස සලකමි. වසර 25 බැංකු සේවාව අතහැර මානව සම්පත් සවිබලගැන්විය හැකි වෘත්තීයකට යොමුවීමට මෙම ක්‍රියාවලිය මා පෙලබවීය. සිංගප්පුරුවේ යුනි ඇප්රෝ කාර්යාලයේ සිට විවිධ මට්ටමින් නොයෙක් කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ආසියා ශාන්තිකර කලාපය පුරා සිදුකරන මානව සම්පත්  සවිබලගැන්වීම් වලට වඩා මෙම කටයුත්ත හා යොමුවීම තුලින් මා ලබාගත් අත්දැකීම නම් ශ්‍රී ලංකාව සතු විශිෂ්ඨම සම්පත ඇයගේ මානව සම්පතයි. ඒහෙත් අපගේ අධ්‍යාපන ක්‍රමවේදය 21 වැනි ශතවර්ෂයට සරිලන ලෙසට යාවත්කාලීන නොවීම සහ නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ අධ්‍යාපනයේ අරමුණු හරිහැටි තේරුම් නොගෙන සම්පත් සොයාගැනීමට අපොහොසත්වී තිබීම කණගාටුවකට කරුනෙකි. මෙම බාධක සියල්ලම අභිබවමින් මෙම ශිෂ්‍යත්ව වලට ඉල්ලුමි කල සියළු දෙනාම ඒකහා  සමාන දක්ෂතාවන්ගෙන් පිරුණු අය බවත් ඔවුන් සියළු දෙනාම පංතිකාමරයෙන් පිටට ගොස් අන්තර්ජාලය ඔස්සේ දැනුම සොයායාම ශිෂ්‍යත්ව මණ්ඩලයේ අප සියළුදෙනාම මවිතයට පත්කල කරුනක් වීය. මෙම සංඥාව ප්‍රතිපත්ති සෑළසුම් කරන්නන්ගේ අවධානයට යොමුකර විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථා නොලැබෙන අයට අන්තර්ජාලය ඔස්සේ දැනුම සහ නිපුණතා වර්ධනයට පහසුකම් සැලැස්සවිය යුතුව ඇත. මෙම පණිවිඩය සමාජගත කරවීමට ඒක් චීන කියමනක් සඳහන් කරමි, ඔබ කන්නයක් ඉලක්ක කර සැලසුම් කරන්නේ නමි, බෝග වැවීම තෝරාගන්න, දශකයක් ඉලක්ක කරන්නේනමි රුක් රෝපණය කරන්න, ශතකයක් ඉලක්ක කරන්නේම් මානව සම්පත වැඩිදියුනු කරන්න. ඒක් ඌණ පුර්නයක් ඒක් කරමින් රුක් රෝපනය කරන්නේනම් ඔබ සිටුවන ගස් යටම සෙවන ලබන්න අපේක්ෂා නොකරන්න.

මෙම කටයුත්තට පුරෝගාමීන්වු කිහිප දෙනෙකුට අප ප්‍රණාමය පුදකල යුතුව ඇත, ඉන් පලමුවැන්න යුනි ඇප්රෝ හිටපු කලාපීය ලේකමි ක්‍රිස්ටෝපර් අන්ග් සහ තැ වි නි සෙන් බිහිවූ අප අතරින් වියෝවු බැසිල් සිල්වා සහෝදරුවරුන්ටත්, ශිෂ්‍යත්ව මණ්ඩලයේ කටයුතු කල සියළු දෙනාටත් තැපැල් සේවක සංගම් වල නිලතල හෙබවූ සියළු දෙනාත් ඒ් අතර වෙති.

ජපානයේ තැපැල් සේවක සංගමය අඛණ්ඩව මෙම ශිෂ්‍යත්ව ක්‍රමයට මුල්‍යමය අනුග්‍රහය දක්වමින් අපවෙත දක්වන විශ්වාසයට ස්තුති කිරීමට වචන නොමැත. 2002 සිසුන් 10 දෙදෙනෙකුට පීරිනැමූ ශිෂ්‍යත්ව මේවන විට දෙගුනයක් දක්වා වැඩිකර ගැනීමට හැකිවිය. ඒසේම තෝරාගන්නා ක්‍රමවේදය උසස් කොට මෙවර තෝරාගැනීම් වල මූලික පරීක්ෂණ ජාලගත ක්‍රමවෙිදයකට පැවැත්වීමු. ශිෂ්‍යත්ව ක්‍රමයේ නීති රීති අනුව අඩු ආර්ථික මට්ටම් වල පවුල් වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දිමට වැඩි බරතැබීමක් කර ඇත.

වෘත්තීය සමිති පිලිබදව ගොඩනැගී ඇති සෲණ ආකල්පමය මතය වෙනස් කරවීමට  ශිෂ්‍යත්වලාභී ඔබ සියළු දෙනාට විශාල කාර්යයක් කලහැක.  වෘත්තීය සමිති අයිතිවාසිකම් වලට පමණක් කෑමොර ‌නොදෙන යුතුකම් සහ සමාජ වගකීමි වලට කැපවී සිටිමින් ඇති අතර ජාත්‍යන්තර සහෝදරත්වය ප්‍රදර්ශණය කරන කදිම අවස්ථාවක් මෙම වැඩසටහන පෙන්වා දී ඇත.

යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලය තරුණ තරුණියන් වැදගත් වන්නේ වර්තමානයට මිස අනාගතයට වෙන්කර තැබීමට නොවන බව අවබෝධ කරගනිමින් ක්‍රියාකරන වග විදහා පෑමට මෙම  ශිෂ්‍යත්ව ක්‍රමය හඳුන්වා දිය හැක.   ඒබැවින් ශ්‍රී ලාංකේයන් සියළු දෙනාම අපේක්ෂා කරන පද්ධතිමය වෙනස  SYSTEM CHANGE ඒක හඳුන්වාදීමට සමාජ කතිකාවන් ඇති කරවීමට පෙරමුණ ගන්න. වර්තමාන අර්බුදයෙන් ගොඩඒ්මට විසඳුම් අප විසින් ම සොයාගතයුතුව ඇත. ඒ්වා නිර්මානශීලී කරවීමට ඔබ ලබාගත් පන්නරය දායක කරන්න ඒසේම ඒම වැඩපිලිවෙල් පොදු ඒකගතාවන් මත ජනතාවගේ ආශිර්වාදය දිනාගැනීමට සංනිවේදනය කරවීමට කණ්ඩායම් හැඟීම කෙසේ විය යුතුද යන්න ඒ් සඳහා ඔබ සියළු දෙනාම යෙදුනු අභ්‍යාසයෙන් උගෙන ගත් පාඩම සිහියේ තබාගන්න.

අවසාන වශයෙන්  ශිෂ්‍යත්ව දිනාගත් ඔබ සියළු දෙනාටම මා ගේ ආශිර්වාදය පිරිනමන අතර ඔබගේ ඉදිරි අධ්‍යාපණික කටයුතු උසස් මට්ටම්කින් කරගෙන යාමට වගබලා ගන්න, මන්ද ඔබගේ අධ්‍යපණික කටයුතු වල ප්‍රගතිය ශිෂ්‍යත්ව මණ්බලය වරින් වර අධීක්ෂණය කරනු ඇත.

අසා සිටි ඔබ සියළු දෙනාට ස්තුතියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්