නවතම පුවත්

McDonald’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය ඇමරිකාවේ ප්‍රකට McDonald’s අවන්හල් ජාලය මෙරටින් තාවකාලිකව ඉවත් කරගැනීමට ඇමරිකානු මව් සමාගම කටයුතු කර තිබේ. මීට හේතුවී ඇත්තේ නිවැරදි ප්‍රමිතියෙන් ආහාර පාන ලබාදීමට ශ්‍රී ලංකා නියෝජිත සමාගම අපොහොසත්වීමයි.
දිගින් දිගටම ලැබුණ පැමිණිලි හා නිරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ශ්‍රී ලංකාවෙන් සිය සන්නාමය යටතේ ආහාර ලබාදීම නවතා දමන ලෙසට ඔවුන් උසාවි නියෝගයක් ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ අබාන්ස් පුද්ගලික සමාගම මගින් ඇමරිකානු McDonald’s අවන්හල් ජාලය මෙරටදී පවත්වාගෙන ගිය අතර උසාවි නියෝගය සමග එහි ශාඛා ජාලයට අයත් වෙළෙඳසල් 12 ම වසා දමා ඇත.
ඒ අනුව කොල්ලුපිටියේ පිහිටි ශාඛාවක සන්නාම ගළවන අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම ජාලයට අයත් හොට් ලයින් අංකය දැන් ක්‍රීයා කරන්නේ නැති අතර වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුද අවලංගු කරගෙන ඇත.


ගූගල්හි මැප්හි සෙවුම් කරද්දී ‘තාවකාලිකව වසා දමා ඇත‘ යන පණිවිඩය දිස්වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි සුප‍්‍රකට පිසූ ආහාර නිෂ්පාදන අලෙවි කිරීමේ McDonald’s සමාගම ශ්‍රී ලංකාවේ කටයුතු ආරම්භ කළේ මීට වසර විස්සකට පමණ එපිට සිටය.
කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවත්වාගෙන යන අවන්හල් 12ක් පවත්වාගෙන යෑම ලබන 4 වැනිදා දක්වා වළක්වමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.
තමන්ගේ කීර්තිමත් වෙළෙඳ නාමය යටතේ පවත්වාගෙන යන එම අවන්හල් ගිවිසුම් ප‍්‍රකාරව පිරිසිදුව හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන නොයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් එකී ගිවිසුම් අවලංගු කර ඇති බව පෙන්වා දෙමින් මවු සමාගම කළ පැමිණිල්ලක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

එකී අඩුපාඩුකම් අවම කර ප‍්‍රමිතිය අනුව පවත්වාගෙන යන ලෙසට කළ දැනුම්දීම් දිගින් දිගටම නොසලකා හැර තවදුරටත් කටයුතු කිරීම නිසා පසුගිය 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එකී බලයලත් අලෙවිකරුවන් සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් අවසන් කළ බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවැසීය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සුගත් කල්දේරා, නිරාන් ඇන්කටෙල් යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.
McDonald’s අවන්හල් ලොව පුරා රටවල් 120 ක පිහිටුවා ඇති අතර සෑම දිනකම පාරිභෝගිකයින් මිලියන 68 කට සේවය කරන බව සඳහන්ය.
මවු සමාගම ඉදිරියේදී වෙනත් ශ්‍රී ලංකා නියෝජිත සමාගමක් සමග එක්ව නැවත ජාලය ආරම්භ කරනු ඇ.ති අතර ඒ සඳහා කොපමණ කල් ගතවේද යන්න පැහැදිලි නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්