ජපානයෙන් ලංගමයට කෝටි 36 කට වැඩි අධාර

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ෙකොරෝනා වසංගතය හේතුවෙන් මෙරට තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන රුපියල් කෝටි 36 1/2 වටිනා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ජපන් රජය විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත පරිත්‍යාග කර තිබේ.

මෙම අත්‍යවශ්‍ය උපකරණ අතර විදුලි ජනක යන්ත‍්‍ර (ජෙනරේටර්ස්), අධි පීඩන ජල විදින යන්ත‍්‍ර සහ ශ්‍රී ලංගමට අත්‍යවශ්‍ය උපකරන තොගයක්ද ඇතුලත් වේ.

ජපන් රජයෙන් ලැබුණු මෙම උපකරණ පරිත්‍යාගය මඟී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංගම සභාපති කින්ස්ලි රණවක මහතාට බාරදෙනු ලැබීය.