කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය ඉදිරි දින දෙක ඇතුලත මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර සිටී.
ඒ අනුව එම ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර සිටී.
එම ඖෂධ මෙරට තුල බෙදාහැරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවද සංස්ථාව අනාවරණය කර ඇත.