නවතම පුවත්

ජපාන, යෙන් බිලියන 17.2ක් COVAX එන්නත වැඩසටහනට ලබා දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජපානයේ නව අගමැතිවරයා ලෙස එරට ලිබරල් ඩිමොක්‍රැටික් පක්ෂයේ නව නායක යොෂිහිඩේ පත්වන විට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය COVID-19 එන්නත වැඩසටහන (COVAX) සඳහා ජපානය

යෙන් බිලියන 17.2ක් (ඇ.ඩො.මිලියන 165ක්) අරමුදල් සම්පාදනය කිරීමද සිදුව තිබේ.

නව අගමැතිවරයා තෝරාගැනීම වෙනුවෙන් ජපාන පාර්ලිමේන්තුව තුළ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව එම නම් කිරීම සිදුවූ අතර, සතිය ආරම්භයේදී පක්ෂ නායකත්වය සඳහා ඔහු තේරීපත්වීමත් සමග සුගා නිතැතින්ම අගමැති ධුරයට පත්වන බව තහවුරු විය.

ජපානයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 465 දෙනෙකුගෙන් 314 දෙනෙකුගේ කැමැත්ත ඔහුට හිමිවූ අතර, ඉහළ මන්ත්‍රී මණ්ඩලයෙන් ඡන්ද 240න් 142ක් හිමිව තිබේ.

71 හැවිරිදි සුගා මීට පෙර එරට කාර්ඩ්බෝඩ් කර්මාන්තශාලාවක සේවය කර ඇති අතර, ඔහුගේ පියා ගොවියෙකු බව පැවසෙයි. ඒ අනුව ලොව තෙවැනි විශාලතම ආර්ථිකයේ නායකත්වය ඊයේ දිනයේ සිට ගොවියෙකුගේ පුත්‍රයෙකු වෙත හිමිව තිබේ.

ලිබරල් ඩිමොක්‍රැටික් පක්ෂයේ නායකයා ලෙස සිටි හිටපු අගමැති ෂින්සෝ අබේ සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගියදා සිය ධුරය අත්හැරීමට ගත් තීරණයන් පසුව හිස් වූ පක්ෂ නායකත්වය හා අගමැති ධුරය සඳහා මෙලෙස යොෂිහිඩේ සුගා පත් කෙරුණේ පක්ෂයේ 70%කගේ කැමැත්තෙනි.

නව පත්වීමත් සමගින්ම සුගා සිය නව කැබිනට් මණ්ඩලයේ සංයුතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී හිටපු අගමැති ෂින්සෝ අබේගේ නම් කිරිම් කිහිපයක්ම එලෙසින්ම රඳවා තබා තිබේ. සිය පාලන සමය තුළදීත් හිටපු අගමැතිවරයාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බව යොෂිහිඩේ සුගා පවසා ඇත.

මෙම පත් කිරීමෙන් අනතුරුව ඊයේ සන්ධ්‍යාවේදී ඔහු ටෝකියෝ නුවර පිහිටි නරුහිතෝ අධිරාජ්‍යයාගේ මන්දිරයේදී ඔහු ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.

එමෙන්ම ලොව පුරා රටවලට COVID-19 එන්නත මිලදී ගැනීමට සහ සාධාරණ ලෙස බෙදාහැරීමට උපකාර කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් වැඩසටහන වෙනුවෙන් ජපානයේ සහයෝගය හිමිවීමද වැදගත් සන්ධිස්ථානයකි. මන්දයත් එක්සත් ජනපදය ඇතුළු ද්විපාර්ශ්වික ගනුදෙනු හරහා තමන්ගේම සැපයුම් ලබාගෙන ඇති සමහර රටවල් ඊට සම්බන්ධ නොවන බව පවසා තිබීම නිසාය.

2021 මුල් භාගය වනවිට මුළු ජනතාවටම ප්‍රමාණවත් එන්නත් සැපයුමක් ලබාදීමට ජපාන රජය ප්‍රතිඥා දී ඇති අතර, ගෝලීය ඖෂධ සමාගම් සමග එන්නත් ලබාගැනීම සඳහා ස්වාධීන විධිවිධාන අනුගමනය කර ඇති බවද අවධාරණය කරයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්