නවතම පුවත්

ධීවරයන්ට අනතුරු ඇගවීම් නිකුත් කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (18) දින සිට ඉදිරි දින කීපයේ දී උතුරු අක්ෂාංශ 060 ත් 160 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 830-960 අතර මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් මෙම මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ හේතුවෙන් මෙම මුහුදු කලාපයේ සැප්තැම්බර් 19 දින සිට 22 දින දක්වා යාත්‍රා කිරීමෙන් වැළකී සිටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාව වෙත දැනුම් දී ඇති අතර මේවන විටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුුතු වල යෙදෙමින් සිටින යාත්‍රා හැකි ඉක්මනින් වාඩාත් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

එසේම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුතුතලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැක.

කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල   මුහුදු රළ මීටර් 2.5 සිට 3.0 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී.

මෙම කලාපයේ ධිවර සහ නාවුක කටයුතු වල යෙදෙන ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන පිළිබදන අවධානය යොමු කරන ලෙසත් වැඩි විස්තර දැනඟැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  117 දුරකථන අංකයට කථා කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්