නවතම පුවත්

ජර්මන් ජාතික මෙහෙණින් වහන්සේ නමක මහනුවරදී අපවත් වෙති

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි ජර්මන් ජාතික මෙහෙණීන් වහන්සේ නමක් ඊයේ (03) ඇති වුණු රෝගී තත්ත්වයක් මත මහනුවර රෝහලට ඇතුලත්ව පැය කිහිපයක් ඇතුලත මියගොස් තිබේ.

ජර්මනියේ සිට පසුගිය 25 වෙනිදා මෙරටට පැමිණ ඇති MIE MARGARETE නැමැති මෙම 79 වියැති මෙහෙණිය මෙසේ මියගොස් ඇත.

මහනුවර නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම මෙහෙණිය හදිසියේම ඇතිවුණු රෝගී තත්ත්වයක් මත මුලින්ම මහනුවර රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ පසුගිය 01 වෙනිදාය.

එදින ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත හෝටලයට පැමිණ රැදී සිට ඇති බව පොලීසිය කියයි.

නැවත ඊයේ (03) උදෑසන 7.00ට පමණ මෙම මෙහෙණීන් වහන්සේ නැවත උත්සන්න වූ රෝගී තත්ත්වයක් මත මහනුවර මහා රෝහලට ඇතුලත්ව ඇත.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි මෙහෙණිය උදෑසන 10.30ට පමණ මියගොස් ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් ජර්මන් තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්