පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනතුරු අඟවා සිටී.
ඒ අනුව ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් ජලය භාවිත කරන ලෙසටත් ජලසම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එහිදී හැකිතාක් ජලය ආරක්‍ෂා කර ගැනීම අතිශය වැදගත් බවද ජලසම්පාදන මණ්ඩලය අවධාරණය කර සිටී.
මේ වනවිට රට පුරා ප‍්‍රදේශ රැසකට වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර නොච්චියාගම, යාලේගම, ගල්කුලම, සියඹලෑව, නිතුල්ගොල්ලෑව සහ වෙරුගල් යන ප‍්‍රදේශවලට අද දිනයේ ඍජුවම සූර්යයා මුදුන් වන බවද වාර්තාවේ.