ජවිපෙ කරන ඉතිහාසයේ ලොකුම පාවාදීම ගැන එහි පළමු මහලේකම්ගෙන් හෙළිදරව්වක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂයේ හා බටහිර බලවේග වල , උවමනා එපාවන්ට අනුව ක්‍රියාත්මක වෙමින් ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ඉතිහාසයේ මහා පාවාදීම සිදුකරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම මහලේකම් කල්‍යාණ කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටී.

ජනතා විමුක්ති පෙරමුණේ 71 කැරැල්ලේ කොටස්කරුවන්ගෙන් සමන්විත 71 පුරෝගාමීන්ගේ සංගමය අද දින පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී කරුණාරත්න මහතා මේ බව පැවසීය .

71 කැරැල්ලේ සිට මාතෘභූමිය වෙනුවෙන් මුතුන් මිත්තන් සිදුකල සියලුම කැප කිරීම් , මේ වනෛව්ට ජනතා විමුක්ති පෙරමුණ විසින් පවා දෙමින් සිටින බවද කරුණාරත්න මහතා මෙහදී පැවසීය .

අධිරාජ්‍යවාදීන්ගේ කීකරු සුරතලා ලෙස කවදත් කටයුතු කරන එජාපයේ බත් බැලයන් ලෙස ජවිපෙ කටයුතු කරමින් සිටීම ගැන කණගාටුවෙන බවද කරුනාරතන මහතා පැවසීය .

1970 දේ ජනතා විමුක්ති පෙරමුණ හයිඩ් පිටියේ ප්‍රථමයෙන් පැවැත්වූ රැස්වීමේදී , ප්‍රථම දේශනය පැවැත්වූ තුසිතා නාමලී සිල්වා මහත්මියද , ජනතා විමුක්ති පෙරමුණ බිහිකළ පළමු සාකච්ජාවට එක්වූ ඩබ් ටී කරුණාරත්න මහතාද ,71 කැරැල්ලේ ප්‍රමුඛ නායකයකු වූ අතුල නිමලසිරි මහතාගේ බිරිඳ වන ධම්මිකා ජයසිංහ මහත්මියද මෙම මාධ්‍ය හමුවට එක්විය .