නවතම පුවත්

ජවිපෙ සමග එක්වෙන්න TNA අවධානය

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ සිංහල මහා ජාතියෙන් එල්ලවන බලපෑම් වලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ දෙමල හා මුස්‌ලිම් ජන සමාජයන් එක්ව නැගී සිටිය යුතු බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා අවධාරණය කර සිටී.

මෙරට ජාතික ගැටලුවට විසදුම් ලබාගැනීම සඳහාද ද්‍රවිඩ හා මුස්ලිම් ජාතීන් එකමුතුව රජය වෙත බලපෑම් කල යුතු බවද ඉන්දියාවේ හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් සුමන්තිරන් මහතා අවධාරණය කර ඇත.

වත්මන් රජය මෙරට ද්‍රවිඩ ජනතාවට පොරොන්දු ගණනාවක් ලබාදී බලයට පත්වුවද , එම පොරොන්දු නිසි ලෙස ඉටුකිරීමට අසමත්ව ඇති බවත් , එමනිසාම ද්‍රවිඩ ජනතාව වත්මන් රජය පිලිබඳ කලකිරීමකින් පසුවන බවත් සුමන්තිරන් මහතා මෙහිදී අවධාරණය කර ඇත.

දකුණේ දේශපාලන බලවේගයන් සමග කටයුතු කිරීමේදී කැපී පෙනෙන වෙනස්කම් සිදුකිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය අපේක්ෂා කරන බවත් , විශේෂයෙන්ම ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ සමග වඩාත් සමීපව කටයුතු කිරීම කෙරෙහි තම පක්‍ෂයේ අවධානය යොමුව ඇති බවත් සුමන්තිරන් මහතා මෙහිදී සඳහන් කර ඇත.

අනාගතයේදී ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද තම පක්ෂයේ අවධානය යොමුව ඇති බව සුමන්තිරන් මහතා හින්දු පුවත්පතට සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්