නවතම පුවත්

රට පුරා සන්නද්ධ හමුදාව යෙදවීමේ අඥාව පාර්ලිමේන්තුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහජන ආරක්ෂක ආඥා පනතෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට නිකුත් කළ ආඥාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා පසුගිය අගොස්තු 22 වැනිදා පාර්ලිමේන්තුවට යොමු කර තිබූ එම නිවේදනය  කථානායක කරු ජයසූරිය මහතා විසින්  පාර්ලිමේන්තුවට ඊයේ (03දා) ඉදිරිපත් කෙරිණි.

40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පළමු වැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යෑමට කැඳවන බවට මෙම ආඥාව නිකුත් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්