නවතම පුවත්

ජාත්‍යන්තර චිත්‍ර තරඟාවලියේ ලාංකික සිසුවකුට සුවිශේෂී ජයක්

අසංක

අසංක

ඉන්දියානු සංස්කෘතික කවුන්සිලය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරඟාවලියකින් සුවිශේෂී ජයග්‍රහණයක්‌ ලබාගැනීමට මෙරට දස හැවිරිදි පාසල් සිසුවෙකු සමත්ව ඇත.

” කොරෝනාවට එරෙහිව එක්වෙමු ” යන තේමාව ඔස්සේ සංවිධානය කල මෙම ජාත්‍යන්තර චිත්‍ර තරඟය සඳහා ලොව පුරා රටවල් රැසකින් තරඟකරුවන් 8000කට අධික පිරිසක් සහභාගිවී ඇත.

එහිදී සායි දිනකර් කවුශිගන් නම් මෙම ශ්‍රී ලාංකික සිසුවා නිර්මාණය කල ” කොව්ඩ් 19 පරාජය කරමු ” යන මැයෙන් යුත් චිත්‍රයට මෙම ජයග්‍රහණය හිමිවී ඇත.

අන්තර්ජාලය ඔස්සේ පවතී මෙම ජාත්‍යන්තර චිත්‍ර තරගාවලිය සඳහාට තුන්වෙනියට වැඩිම තරඟකරුවන් පිරිසක් සහභාගිවී ඇත්තේද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයකි.

සායි දිනකර් සිසුවා තමාට හිමි වටිනා මුදල් ත්‍යාගය හා සම්මාන සහතිකය මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අයත් සංස්කෘතික කේන්ද්‍රය වන ස්වාමි විවෙකානාන්ද සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අචාර්ය රෙවන්ට් වික්‍රම් සිං මහතා අතින් පසුගියදා ලබාගත්තේය.

තමාට මෙම ජාත්‍යන්තර චිත්‍ර තරඟාවලියට ඇතුළුවීමට අවස්තාවක් ලබාදීම පිළිබඳව එහිදී සායි දිනකාර් සිසුවා ස්තූතිය පළකර ඇත.

එම සිසුවා පැරැණි ඉන්දීය චිත්‍ර සම්ප්‍රදායකට අනුව මෙම චිත්‍රය නිර්මාණය කර ඇති අතර ඔහුගේ පියා වන රාමයියා කවුශිගන් මහතාද දක්ෂ හා ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකි.

ඉන්දීය සංස්කෘතික කවුන්සිලය මෙම තරඟාවලියේ ජයග්‍රාහී චිත්‍ර අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කිරීමටද සැලසුම් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්