නවතම පුවත්

සෞභාග්‍යා ණය සහනයෙන් සති දෙකක් තුළ මිලියන 12,000ක ණය අනුමතයි

අසංක

අසංක

මහබැංකුව ගෙවුණු සති දෙක තුල සෞභාග්‍යා කොවිඩ් -19 පුනරුද සහන ණය යටතේ ණය අයදුම්පත් 4000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා රුපියල් මිලියන 11,829ක මුදල් ප්‍රමාණයක් අනුමත කර ඇත.

ඒ අනුව පසුගිය 13 දින සිට 23 දින දක්වා කාලය තුළදී සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර II සහ අදියර III යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එවන ලද ණය අයදුම්පත් 3,985ක් සඳහා මෙලෙස මුදල්ක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී .

ඉහත සඳහන් නව අනුමත කිරීම් සමඟ, 2020 වර්ෂයේ ජූලි මස 23 වන දින වන විට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන පහසුකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති මුළු ණය අයදුම්පත් සංඛ්‍යාව 26,291 දක්වා ඉහළ යන බවද එසේම, 2020 වර්ෂයේ ජූලි මස 23 වන දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද මුළු ණය ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් මිලියන 72,079 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තාවේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියළු ව්‍යාපාර සඳහා, වාර්ෂිකව 4%ක පොලී අනුපාතයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුලත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව මෙම පහසුකම අදියර තුනක් යටතේ හඳුන්වා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්