උමංග බණ්ඩාර
පසුගියදා එජාපයට සහය පල කිරිමට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුට අමාත්‍යධූර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය විසින් ලිපියක් යවා තිබෙනවා.
පියසේන ගමගේ, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ.එච්.එම්. ෆවුසි යන් මන්ත්‍රිවරුන්ට නව අමාත්‍යධූර ලබාදෙන ලෙස මෙම යෝජනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එලෙසම නැවත ජාතික ආණ්ඩුවක් ඇති කිරිමට මෙමගින් යෝජනා කර ඇති බවත් සදහන් වෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර වැඩි කිරිමෙන්.
නමුත් තවමත් ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත.