ජාතික ආණ්ඩුව හැදෙයි ද? කැඩෙයි ද? ලබන සතියේ විමසයි

Picture of අසංක

අසංක

ජාතික ආණ්ඩුවක් බිහි කර ඇමතිධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා එක්සත්ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව ලබන 07 දින විවාදයට ගැනීමට නියමිතව ඇත.

එදින විවාදය අවසානයේ යෝජනාව සම්භන්ධව ජන්ද විමසීමක් කිරීමටද නියමිතව ඇත.

ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීමට අදාළ යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත පසුගියදා ඉදිරිපත් කළේය

පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව සභානායකවරයා අදාළ යෝජනාවෙන් පෙන්වාදී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු අතර කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 ක් නොඉක්මවිය යුතු බවට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයා වෙත ලබාදුන් යෝජනාවේ සඳහන්ය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව ඉදිරිපත් කරනු ලබන මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට කටයුතු සලස්වන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ද ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

පැතුම් වික්‍රමරත්න