ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම මේ පාසල් වාරයේ

Picture of අසංක

අසංක

ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම මෙම පාසල් වාරය තුල ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඒ අනුව පළමු පාසල් වාරය තුළ එම පුරප්පාඩුවලින් 50%ක්ද, අනෙක් කොටස ඉදිරි මාස 5ක කාලයක් තුළද සම්පූර්ණ කිරීමට අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

දිවයින පුරා ජාතික පාසල් 278ක වසර 9ක් තිස්සේ විදුහල්පති පුරප්පාඩු පවතින අතර ඒවායේ සේවය කරනුයේ වැඩබලන විදුහල්පතිවරුන්ය.

ජාතික පාසල්වල විදුහල්පති තනතුරුවලට පත්කරනු ලබන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු, දෙවන සහ තෙවන ශ්‍රේණියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු පන්තියේ නිලධාරීන්ය.