නවතම පුවත්

ජාතික සභාව ‘න්‍යාය පුස්තකයට’ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට යෝජිත “ජාතික සභාව” නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස 20 වනදා දින න්‍යාය පුස්තකයට මෙම යෝජනාව ඇතුළත් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම කාරක සභාවේ සභාපතිධූරය කතානායකවරයාට හිමිවන අතර සෙසු සාමාජිකයින් ලෙස පිළිගත් දේශපාලන පක්ෂවලින් නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිස්පහකට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවයි යෝජනා වී ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂනායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ දේශපාලන පක්ෂවල නායකයින් විසින් මෙම යෝජිත ජාතික සභාවේ සාමාජිකයින් කවුරුන්ද යන්න තීරණය කරනු ලබන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම යෝජිත ජාතික සභාව මඟින් කෙටි, මධ්‍යම සහ දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟපෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම සිදු කරනවා. එමෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යමකාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකගතා ඇති කිරීමටද යෝජිතයි.

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන,් ජාතික සභාව, විශේෂ කාරක සභාවල සභාපතිවරුන් සහ යොවුන් සංවිධානවල නිරීක්ෂකයන් සහභාගී වන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමට ජාතික සභාවට අධිකාරී බලය සහ පොදු වගකීම් ලබා දීමට මෙමඟින් යෝජනා වී තිබෙනවා.

ජාතික සභාවට යෝජනා වී ඇති බලතල අනුව ආංශික අධීක්ෂණ කාරකසභා, රජයේ මුදල් පිළිබඳ කාරකසභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරකසභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව, බැංකු කටයුතු හා මූල්‍ය සේවා පිළිබඳ කාරකසභාව, ක්‍රම සහ විධි පිළිබඳ කාරකසභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරකසභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරකසභාවක් වෙතින් වාර්තා කැඳවීමේ හැකියාව ද මෙම යෝජිත ජාතික සභාවට හිමි වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්