දම්පත් රණසිංහ
පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් කාර්යාලයේදී පුද්ගලයකු අද පෙරවරුවේ ගිනිතබාගෙන සියදිවි හානිකරගැනීමට තැත් කර තිබේ.
ඔහු මේ වනවිට කළුබෝවිල රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.
දේශපාලන පළිගැනීමකට ලක්ව රැකියාව අහිමි වී සිටි තමාට වන්දි මුදලක් ගෙවන ලෙස හෝ යළි සේවයේ පිහිටුවන ලෙස මොහු එහිදී ඉල්ලීමක් කර ඇත.
එය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙම පුද්ගලයා තමාට ගිනිතබාගෙන ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූ පුද්ගලයා 60 හැවිරිදි අයෙකි.