ජිනීවා ආයෙත් ලංකාවට එරෙහිව අවි අමෝරයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබද නැවත දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැච්ලෙට් මහත්මිය අවධාරණය කර සිටී

ජිනිවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 41 වැනි සැසිවාරයේදි ඇය මේ බව පවසා ඇත.

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයත් සමග රටේ වැඩිවෙමින් පවතින නොසන්සුන්තාවන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවද ඇය මෙහිදී පවසා ඇත.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර මානවහිමකම් සම්බන්ධ කරුණුවලදි ඒකාබද්ධතාවයක් නොමැතිවිම ගැටළුවක් බවත් , ඒ හේතුවෙන් රටේ ආරක්ෂාව තහවුරු කිරිමේදි ගැටළු පැන නගින බවත්ඇය සඳහන් කර ඇත.

මුස්ලිම් විරෝධි ප්‍රහාර සහ ඇතැම් ආගමික නායකයින් මෑතකදි ප්‍රචණ්ඩත්වයන්ට පොළඹවන ආකාරයේ සිදුකරන ප්‍රකාශ කිරිම් සම්බන්ධයෙන්ද ඇය කණස්සල පල කර ඇත.