නවතම පුවත්

ජුනි මාසයේ පමණක් කොවිඩ් මරණ 1500ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* හේතු හොයන්න විශේෂඥ කමිටුවක්
* පරිස්සමක් නැතිනම් තත්වය නරක අතට
* මෙරට සමස්ත කොවිඩ් මරණ 3000 පනී

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට තුළ ජූනි මාසය තුළ පමණක් කොවිඩ් ආසාදිතව සිදුවූ මරණ 1,500 ඉක්මවා ඇති බවට රජයේ දත්ත තහවුරුකර තිබේ. මේ මාසයේදී එලෙස මරණ සීඝ්‍රයෙන් ඉහළයාමට හේතුව පිළිබඳව සෙවීමට විශේෂඥ කමිටුවක්ද පත්කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

පසුගිය අප්‍රේල් මාසයේදී කොවිඩ් මරණ 110ක් වාර්තා වී තිබුණි. මැයි මාසයේදී කොවිඩ් මරණ ගණන 806ක් දක්වා ඉහළ ගොස් ඇත. කෙසේවෙතත් එම සංඛ්‍යා හා සැසඳීමේදී මේ මාසය තුළ පමණක් කොවිඩ් මරණ 1501ක් තහවුරු කරගෙන තිබෙන අතර එම වේගවත් වැඩිවීමට හේතුව සොයාබැලීම මෙම විශේෂඥ කමිටුවට පවරා ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ ගෙවුණු මාසයේ මරණ වැඩිවීමට, බ්‍රිතාන්‍ය ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය මෙරට තුළින් හමුවීම ද හේතුවක් වූ අතර මේ වනවිට වඩාත් වේගයෙන් පැතිරෙන ඉන්දියාවේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද වාර්තා වී ඇති බවයි.

එබැවින් ඉදිරියේදී ජනතාව වඩාත් වැඩියෙන් ආරක්ෂිත නොවුණහොත් වඩා වැඩි අවදානමකට ලක්විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මේ අතර නිවෙස් තුළ මියයන පුද්ගලයින්ගේ ඥාතියෙකු හෝ අසල්වැසියෙකු කොවිඩ් ආසාදිතයෙකු නොවේ නම් එම මරණ කොවිඩ් ආසාදිත නොවන මරණ සේ සලකා ඥාතීන් වෙත මුදාහැරීමට අවසර ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (29) පස්වරුවේ දී ගෙවුණු දිනයේ කොවවිඩ් මරණ 45ක් සිදුවූ බවට තහවුරු කළ අතර ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3030ක් දක්වා ඉහළ ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්