නවතම පුවත්

රටටම ආහාර ඇත්තේ මාස 3කට පමණයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* ලොව පුරා ආහාර පිළිබඳ අවදානමක්
* සංචිතය ගැන රජය විමසිල්ලෙන්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට තුළ මාස තුනක් සඳහා තිබිය යුතු අත්‍යාවශ්‍ය ආහාර සංචිතයක් දැනට තිබෙන නමුත් ලෝකය තුළ තිබෙන පීඩනයත් සමඟ එය පවත්වාගෙන යාම අභියෝගයක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) පැවැසීය.

දැනට තිබෙන සංචිත වල බිලියන 4.5 ක ප්‍රමාණයක් තිබෙන නමුත්, රතු තත්ත්වයක් තවමත් පැන නැඟී නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සංචිතවල තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවෙමින් ඒ සම්බන්ධව නිරන්තරයෙන් සාකච්ඡා කරමින් පවත්නා ගැටළු විසඳා ගැනීමට වැඩපිළිවෙලවල ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව හෙතෙම කියාසිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

ලංකාවේ දැනට අත්‍යවශ්‍ය අහාර සංචිතයක් පවතින්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් හෙතෙම මේ බව කීය.

ලෝකයේම පවත්නා තත්ත්වය තුළ ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ග ගණනාවක් ඇහිරී තිබෙන බවත්, ආහාර සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

එහෙත් ඇතිවිය හැකි අවදානම කිසිසේත්ම බැහැර කර නොමැති බවත්, එවැනි තත්ත්වයකට පත් නොවීම සඳහා රජය විසින් මෙම අභියෝගය භාර ගෙන ඊට අවශ්‍ය වැඩපිළිවෙලවල මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතීන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්