නවතම පුවත්

ජූලි මාසය තෙක් ඉන්ධන හා ගෑස් තියෙනවා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන ජුනි මාසය සදහා පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් සදහා මේ වනවිට මුදල් ගෙවීම් සම්පූර්ණ කරමින් ඇතැයි ආණ්ඩුව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ජූලි මාසයට අදාළ පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් ලබාගැනීම සදහා මේ වනවිටත් ටෙන්ඩර් කැඳවා ඇති බවයි. ඉදිරි දින 3ක් හෝ 4 ක කාලයක් තුළ රට තුළ පවතින ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති බවටයි ආණ්ඩුව විශ්වාසය පළ කරන්නේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ද පැවසුවේ රටට අවශ්‍ය පෙට්‍රල් සහ ඩිසල් තොග මේ වනවිට ලැබී ඇති බවයි.

මෙරටට පැමිණි පෙට්‍රල් නෞකා දෙකකින් ඉන්ධන ගොඩබෑම ඊයේ සිදු කෙරුණා. එම නෞකා දෙකෙන් මෙරටට රැගෙන ආ පෙට්‍රල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 76,000 ක්. ඒ අනුව අද දිනය වනවිට පිට පළාත් ද ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකට පෙට්‍රල් බෙදා හැරීමටයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර ඇත්තේ. ඩීසල් තොග ඊයේ දිනයේ සිටම බෙදා හැරීම් සිදු වනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්