නවතම පුවත්

ජපානයෙන් ඩොලර් මිලියන 1.5ක ආධාර !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හදිසි ඖෂධ ආධාර වෙනුවෙන් ජපානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක දායකත්වයක් යුනිසෙෆ් ආයතනය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙයි

ආර්ථික අර්බුද තත්වයක් හේතුවෙන් ඖෂධ වල හිඟතාවයකට මුහුණ පා ඇති ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමකට ලක්වියහැකි සමාජ කණ්ඩායම් වල හදිසි අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ජපාන රජය විසින් අත්‍යවශ්‍ය ඖෂධ ආධාර යුනිසෙෆ් ආයතනය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙයි.

ජපානය ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක දායකත්වය යටතේ මිලියන 1.2 කට අධික පිරිසකට ඖෂධ සපයා ගැනීමට යුනිසෙෆ් ආයතනයට හැකියාව ලැබේ. ගැබිනි කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් 53,000 ක් සහ රෝගී දරුවන් 122,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම මිලියන 1.2 කට ඇතුළත් වේ. සෞඛ්‍යය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති සෞඛ්‍යය මධ්‍යස්ථාන කරා මෙම ඖෂධ බෙදාහරිනු ලැබේ.

ශ්‍රී ලංකාවේ වැඩ බලන ජපාන තානාපති කත්සුකි කොටාරෝ මහතා පැවසුවේ, “ඉතා ඉක්මනින් අවශ්‍ය වන ඖෂධ වර්ග 25 ක් ඉදිරි මාස දෙකක කාලය තුළදී යුනිසෙෆ් ආයතනය හරහා සපයා ගැනීමට ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක හදිසි ආධාරයක් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබාදීම පිළිබඳව අපගේ ඉමහත් ගෞරවය ප්‍රකාශ කර සිටින බවත්, අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක වෛද්‍ය සේවාවන් සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීමට, විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වීමට දැඩි අවදානමක් සහිත ගර්භනී කාන්තාවන් සහ ළමුන් සඳහා, මෙය උපකාරී වනු ඇති බවත්ය.

ආර්ථික අර්බුදය සහ ඉන් අනතුරුව ඇතිවූ විදේශ මුදල් හිඟය හේතුවෙන් ඖෂධ, ඉන්ධන සහ ආහාර පිසීමට අවශ්‍ය ගෘහස්ථ ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

සෞඛ්‍යය අංශයේ අත්‍යාවශ්‍ය සේවාවන්ට අර්බුදය දැඩි ලෙස බලපා ඇති අතර එමඟින් සෞඛ්‍යය සේවකයන් සහ රෝගීන් යන දෙපාර්ශවයම අපහසුතාවයට පත්ව ඇත. ඉදිරි මාස දෙක අතරතුරදී තොග අවසන්වියහැකි අත්‍යාවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබේ. ළමුන් සහ ගැබිණි මව්වරුන්ට ලබාදෙන ඖෂධ ද මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

“වඩාත්ම අවදානමට ලක්විය හැකි සමාජ කණ්ඩායම් වෙත, විශේෂයෙන් ළමයින්හට සහ ගර්භනී කාන්තාවන්, මෙම ජීවිතාරක්ෂක ඖෂධවල දැඩි අවශ්‍යතාවයක් පවතින බැවින් පවතින තත්වය ඉතා ඉක්මනින් විසඳිය යුතුවේ. මේ සඳහා ජපාන රජය විසින් ලබාදෙන ලද ඉක්මන්/යුහුසුලු දායකත්වය ප්‍රශංසනීයයි. සිය පුළුල් විශේෂඥතාව යොදා ගනිමින් ඖෂධ ඉතා ඉක්මනින් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීමට යුනිසෙෆ් ආයතනය කටයුතු කරනු ඇත,” යනුවෙන් යුනිසෙෆ් ශ්‍රී ලංකාහි නියෝජිත ක්‍රිෂ්ටියන් ස්කූග් පැවසීය.

ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන් කොවිඩ් 19 වසංගතය සහ දරිද්‍රතාවය හේතුවෙන් දුෂ්කර වාතාවරණයකට මුහුණ දෙමින් සිටි අතර එය වත්මන් අර්බුදය හේතුවෙන් තවත් දරුණු අතට පත්ව ඇත. පෝෂණය, ජලය, සෞඛ්‍යාරක්ෂාව සහ සනීපාරක්ෂාව (WASH), අධ්‍යාපනය සහ ආරක්ෂණ සේවා වැනි දිනපතා ඉහළයන දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ජපාන රජය විසින් ලබාදෙන දායකත්වයන්, කෙටි කාලිනව පමණක් නොව දිගුකාලින වශයෙන්ද ඉතාමත් තීරණාත්මක සහ වැදගත් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්