නවතම පුවත්

ට්‍රම්ප්ට ජනපතිවරණය තහනම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකාවේ ජනාධිති ධූරයට දෙවන වරටත් තේරී පත්වීම සඳහා එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තබා තිබූ බලාපොරොත්තු මේ වනවිට බිඳවැටී තිබෙනවා.

ඒ, කොලරාඩෝ ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි බවට තීන්දු කිරීමත් සමගයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වගන්තියක් උපුටා දක්වමින් එම තීන්දුව ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මීට වසර 03 කට පමණ පෙර අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල වටකර මෙහෙයවූ කැරැල්ලට සම්බන්ධ බවට ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙනවා.

එබැවින් ඔහු සුදුසුකම්ලත් අපේක්ෂකයෙකු නොවන බවට අධිකරණය තීන්දු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු නුසුදුස්සෙකු කිරීම සඳහා අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයේ 3 වන වගන්තිය භාවිත කළ පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.

ට්‍රම්ප් පාක්ෂිකයින් පවසන්නේ මෙම තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි. ඊට එරෙහිව අභියාචනා ගොනු කිරීමට ද ට්‍රම්ප් පාර්ශවය සූදානම් බවයි වාර්තා වන්නේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි