නවතම පුවත්

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී සිය ධූරයේ වැඩ අරඹයි

අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

මෑතකදී පත් කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී බදාදා (දෙසැම්බර් මස 20) දින රාජකාරි භාරගත්තේය.

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම ඔහු ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර වශයෙන් රාජකාරි හෙබවූවේය.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ.

වර්ෂ 1969 ජුනි මස 06 දින උපත ලබා පානදුර ශාන්ත අන්තෝනි පිරිමි පාසලෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ හෙතෙම අධ්‍යාපනයට හා මළල ක්‍රීඩාව තුලින් දස්කම් දක්වමින් සිය පාසල් මෑණියන් වෙත ගෞරවයක් හා කීර්තියක් අත්කර දුන් ක්‍රීඩකයෙකු විය.

වර්ෂ 1988 ජුලි මස 26 දින යුද්ධ හමුදාවට බැඳුණු ඒ මහතා දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 30 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1990 ජුනි මස 09 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි.

යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් ඔහු 2021 මැයි මස 07 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ සිය හමුදා දිවිය තුළදී අණ, මාණ්ඩලික හා උපදේශක ධුරයන් රැසක් හොබවා ඇත.

වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි පැවති මානුෂීය මෙහෙයුමේදී ඒ මහතා වෙත පැවරූ සංග්‍රාමික රාජකාරින්හිදී සුවිශේෂී කැපවීමක් දක්වමින් සිය රාජකාරීන් ඉටුකරනු ලැබීය.

ඔහුගේ යුද්ධ හමුදා දිවිය තුළදී ඛණ්ඩ භාර නිලධාරී, නිලධාරී අණදෙන, ජ්‍යේෂ්ඨ නිලධාරී අධි සහායක, යුද්ධ හමුදා පුහුණු පාසලේ විධායක අධිකාරී, ක්‍රියාන්විත සහ පුහුණු කණ්ඩායම් නිලධාරී, මරදාන යුධෝපකරණ ගබඩා සංකීරණයේ ආරක්‍ෂක නිලධාරි, 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II, 3 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි II, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II, අතරමැදි කඳවුර අනුරාධපුර මාණ්ඩලික නිලධාරි II, ආරක්‍ෂක සම්බන්ධීකාරක – ආරක්‍ෂක අමාත්‍යාංශය, 8 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 522 පාබල බලසේනාවේ බලසේනාධිපති, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති, එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් මූලස්ථානයේ හමුදා උපදේශක, ආරක්ෂක සේනා ආඥාපති – බටහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ ඛණ්ඩ භාර නිලධාරීන්ගේ උපක්‍රමික පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, ගුවන් සංග්‍රාමික පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව – ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව – ඉන්දියාව, Capstone Exercise ‘Shanty Prayas’ – නේපාලය, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව – ඉන්දියාව, ආසියා පැසිෆික් මධ්‍යස්ථානයේ Security Studies Comprehensive Crisis Management Seminar – හොනොලුලු – හවායි සහ ආරක්‍ෂක උපායමාර්ගික අධ්‍යයන වැඩසටහන – චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

රණබිමේ දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් ඒ මහතා ‘විශිෂ්ඨ සේවා විභූශණ’, ‘රණවික්‍රම පදක්කම’ සහ ‘රණශූර පදක්කමෙන්’ ද පිදුම් ලබා ඇත.තවද, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති වශයෙන් කටයුතු කරයි. දිලූපා පීරිස් මහත්මිය සමඟින් විවාහ ගිවිසගෙන සිටින ඒ මහතා දියණියන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකු වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්