නවතම පුවත්

ට්විටර් එකෙන් මිනීමැරූ දාම ඝාතකයාට මරණ දඬුවම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ට්විටර් සමාජ මාධ්‍ය තුළ සියදිවි නසාගැනීමේ අදහස් පළ කළ පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කළ බවට වරදකරු වූ ජපානයේ “ට්විටර් ඝාතකයා” ලෙස නම් කරන ලද දාම ඝාතකයාට ටෝකියෝ දිසා අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
ටෝකියෝ දිසා අධිකරණයේ ටචිකාවා ශාඛාව විසින් තීන්දු කළේ නව දෙනෙකු ඝාතනය කිරීම, කැබලි කිරීම සහ කානගාවා ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ මහල් නිවාසයේ ගබඩා කිරීම යන චෝදනා යටතේ 30 හැවිරිදි තකහිරෝ ශිරාෂි වැරදිකරු බවයි.
වින්දිතයන් නවදෙනා ඔවුන්ගේ කැමැත්ත මත හෝ ඝාතනය කිරීමට එකඟ නොවන බවත්, ඝාතනවලට වගකිව යුතු තරමට ශිරාෂි සුදුසු මානසික තත්ත්වයක සිටින බවත් මුලසුන හෙබවූ විනිසුරු නාඕකුනි යානෝ තීන්දු කළේ ය.
“අපරාධ ඉතිහාසයේ අතිශය දරුණු” අපරාධයක් ලෙස විනිසුරුවරයා මෙම අපරාධ මාලාව හඳුන්වන ලදී.
සමාජ මාධ්‍ය තුළ මෙවැනි අපරාධ කෙතරම් ගැඹුරට මුල් බැස තිබේද යන්න පිළිබඳව ජනතාව සැලකිලිමත් වීමට ද මෙම නඩුව හේතුවක් විය යුතු බව විනිසුරුවරයා තීන්දුව මගින් පෙන්වා දී තිබේ.
නඩු විභාගයේ ප්‍රධාන තර්කය වූයේ ශිරාෂි වින්දිතයින්ගේ කැමැත්තෙන් ඝාතන කළේ ද යන්නයි.
අපරාධ සම්බන්ධයෙන් වරද පිළිගත් ශිරාෂිට මරණීය දණ්ඩනය නියම කර ඇති නමුත් විත්තියේ නීතිඥයින් තර්ක කර තිබුණේ ඔහු වැරදිකරු වූයේ මිනීමැරීමට වඩා අවමයෙන් වන චෝදනාවට එනම් කැමැත්තෙන් ඝාතනය වීම යන්නට බවත්, ඔහු යැවූ පණිවිඩ පදනම් කරගෙන ඔහුගේ ගොදුරු වූවන්ගේ අනුමැතිය ඊට ඇති බවත්ය.
විත්තියෙන් ඉදිරිපත් වූ කරුණු මගින් කියා සිටියේ ශිරාෂි එක්කෝ මානසික දුබලතාවකින් මෙය කරන්නට ඇති බවයි.
එහෙත් 2018 සැප්තැම්බර් මාසයේදී ඔහුගේ අධිචෝදනා පත්‍රයට පෙර මාස පහක මනෝචිකිත්සක පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ඔහු සාපරාධී ලෙස වගකිව යුතු බව නිගමනය විය.
අධිචෝදනා පත්‍රයට අනුව,
2017 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා ටෝකියෝ නුවර සිට තවත් ප්‍රාන්ත හතරක වයස අවුරුදු 15 ත් 26 ත් අතර කාන්තාවන් අට දෙනෙකු සහ පිරිමියෙකු ගෙල සිර කර මරා දමන ලදී. මරාදමන ලද කාන්තාවන් මියයාමට පෙර මොහුගේ ලිංගික අතවරයටද ලක්වූ බව වාර්තා වේ.
සිය ගොදුරු වූවන්ට ට්විටර් හරහා මියයෑමට උදව් කරන බවට ඔහු පොරොන්දු වී ඇත.
ට්විටර් හි සියදිවි නසාගැනීමේ අදහස් ප්‍රකාශ කළ අයට සමා හි පිහිටි ඔහුගේ මහල් නිවාසයට මෙම ඝාතකයා ආරාධනා කර ඇත.
ට්විටර් වෙබ් අඩවියේ ඔහුගේ ගිණුම තුළින් හුවා දක්වන්නේ ගෙල වටා කඹයක් පැළඳ සිටින පුද්ගලයෙකු වන අතර ඔහු පුද්ගලයන් එල්ලා මැරීමේ විශේෂඥයකු බව විස්තර කරන බවක් පෙන්වයි.
එම ගිණුමේ තවදුරටත් සඳහන් කර ඇත්තේ ‘මට ඇත්තටම වේදනාවෙන් පෙළෙන අයට උදව් කිරීමට අවශ්‍යයි. කරුණාකර මට ඕනෑම වේලාවක ඩීඑම් (ඍජුව පණිවියක්) කරන්න.
ඔහු සිය ගිණුමේ පළ කරන ලද සටහනක ශිරාෂි මෙසේ ලියා ඇත. ‘හිරිහැර කිරීම සෑම තැනකම, පාසලේදී සහ රැකියාවේදී. සියදිවි නසා ගැනීමට තැත් කිරීමෙන් පසු දුක් විඳින බොහෝ දෙනෙක් සමාජයේ සිටී. එවැනි අයට උදව් කිරීමට මට අවශ්‍යයි.”
ටෝකියෝහි අතුරුදහන් වූ 23 හැවිරිදි කාන්තාවකගේ සොයුරා ඇගේ ට්විටර් ගිණුම පරීක්ෂා කර සැකකරු පිළිබඳ පොලීසියට දන්වා තිබේ.
2017 දී උදෑසනක මොහුගේ බිහිසුණු නිවස පොලීසිය විසින් සොයා ගන්නා ලදී.
පොලීසිය ඇය සෙවීමේදී පොලිස් නිලධාරීන් ශිරාෂිගේ මහල් නිවාසයට ගොස් ඔහුගේ නිවසේ දොරට තට්ටු කොට ඇය ගැන විමසීමේදී ‘ඇය මෙහේ’ යනුවෙන් ඔහු ඇතුළත සිට පිළිතුරු දුන් බව පැවසේ.
ඝාතකයා විසින් මරාදැමූවන්ගේ සිරුරු කොටස් අඩංගු සිසිලන උපකරණ කිහිපයක් නිවසේ තිබී සොයා ගැනිණි.අස්ථි කොටස් 240 ක් පමණ සිසිලන සහ මෙවලම් පෙට්ටිවල තැන්පත් කර ඇති මළ සිරුරු නවයක්, සොයාගැනිණ.
ඇය පිළිබඳ තතු හෙළිවීමත් සමඟ මෙම ඝාතන වැල මුල්වරට අනාවරණය විය.
මෙම නඩුව බොහෝ දෙනෙකු මවිතයට පත් කර තිබූ අතර එය නිරීක්‍ෂණය කිරීම සඳහා 600 කට අධික පිරිසක් මහජන ගැලරි ආසන 13 ක් සඳහා පෙළ ගැසී සිටියහ.
ඔහුගේ පළමු ගොදුර ට්විටර් හරහා සම්බන්ධ වූ කාන්තාවක් බවත්, සිය දිවි නසා ගැනීමේ අපේක්ෂාවට සහාය වීමට ඉදිරිපත් වූ බවත්, පසුව නිහඬ කිරීමට සඳහා ඇගේ පෙම්වතා මරා දැමූ බවත් ෂිරාශි පැවසීය.
ඝාතකයාගේ පාපොච්චාරණයක සඳහන් වූයේ ඔහුට සියදිවි නසාගැනීමට ඇමතූ එක්තරා කාන්තාවක් තනිවම මියයාමට බිය බැවින් හවුල්කරුවකු ද සියදිවි නසාගැනීමට ඉල්ලා සිටි බවයි.
මෙම නඩුව පැවරූ පසුව ජපානය, උපකාර අවශ්‍ය තරුණ තරුණියන් සඳහා සහයෝගය වැඩි කිරීමට මධ්‍යම රජය සහ සමාජ මාධ්‍ය ව්‍යාපාරයන් වැඩියෙන් දායක වෙමින් සිටී.
මරණ දඬුවම ලබා දුන්නද අභියාචනයක් ඉදිරිපත් නොකරන බව ශිරාෂි පැවසීය.
ReplyReply AllForwardEdit as new
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්