ට්විටර් – ෆේස්බුක් – ඉන්ස්ටග්‍රෑම් ට්‍රම්ප්ව බ්ලොක් කරයි

Picture of අසංක

අසංක

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර්, ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් වෙතින් අත්හිටුවා තිබේ.

එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට පහර දුන් ආධාරකරුවන්ට සමාජ මාධ්‍ය පණිවුඩ නිකුත් කරමින් ඔවුන් ප්‍රචණ්ඩත්වය කරා මෙහෙයවමින්, මැතිවරණ වංචා පිළිබඳව ඔහු නැවත නැවතත් බොරු ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය කැළඹීම හා විරොධතාකරුවන් උසිගැන්වීම හේතුවෙන් සමාජ මාධ්‍ය දැවැන්තයින් මෙම පියවර ගෙන ඇත.

ට්විටර් පැය 12ක් සඳහාත් ෆේස්බුක් පැය 24ක් දක්වාත් ට්‍රම්ප්ගේ නිල ගිණුම් අත්හිටුවා තිබේ.

ට්විටර් කියා සිටියේ “ට්විටර් රීති අනාගතයේ උල්ලංඝනය කළහොත් @realDonaldTrump ගිණුම ස්ථිරවම අත්හිටුවනු ඇත” යනුවෙනි.

“අපගේ සිවිල් අඛණ්ඩතා ප්‍රතිපත්තියේ දැඩි උල්ලංඝනය කිරීම්” නිසා ට්‍රම්ප් පළකළ ට්වීට් තුනක් ඉවත් කිරීම අවශ්‍ය බව ට්විටර් පවසයි.

ට්වීට් ඉවත් නොකළහොත් ජනාධිපතිගේ ගිණුම අගුළු දමා ඇති බව සමාගම පවසයි.

එහි අර්ථය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අත්හිටුවීමට දින ගණන් කළ හැකි බවයි.

මේ අතර ෆේස්බුක් විසින් ද ට්‍රම්ප්ට පැය 24 ක තහනමක් පනවා තිබේ. යූ ටියුබ් ද ඔහුගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව ඉවත් කළේය.

ෆේස්බුක් මෙසේ පැවසීය: “අපි එය ඉවත් කළේ එය අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයේ අවදානම අඩු කරනවාට වඩා වැඩිපුර දායක වන බව අප විශ්වාස කරන බැවිනි.”

ඔහුගේ ආධාරකරුවන් එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී පොලිසිය සමඟ ගැටී එක් කාන්තාවකගේ මරණයට හේතු විය.