නවතම පුවත්

වොෂිංටනයේ ගැටුම් උග්‍ර අතට – 4 ක් මරුමුවට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

අමෙරිකාවේ සෙනෙට් සභාව පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදී සිද්ධිය හේතුවෙන් මේ වනවිට  පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .
මෙම පහරදීමට සම්භන්ධ , පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර  ඉන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අදාළව වන බව එරට බලධාරීන් සඳහන් කර ඇත .

විරෝධතාකරුවන්ගේ ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ද තුවාල ලබා ඇතැයි,ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වොෂින්ටන් නුවර විරෝධතාකරුවන්ගේ අක්‍රමණයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය  අද උදෑසන  වාර්තා කර තිබිණ .

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය.

ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක රෆායෙල් වර්නොක් සිය ජය තහවුරු කර ගත්තේ, රිපබ්ලිකන් පක්ෂයේ කෙලී ලොෆ්ලර් පරාජය කරමිනි.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පූර්ණ බලය හිමිකර ගැනීම සඳහා ජනාධිපති ධූරයට තේරී පත් වී සිටින ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට හැකි විය.

ඒත් සමග අමෙරිකාවේ අගනුවර වන වොෂින්ටන්හි ට්‍රම්ප් හිතවාදි කණ්ඩායම් විරෝධතා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඉතා ප්‍රචණ්ඩ අයුරින් ට්‍රම්ප් හිතවාදීන් විදි බැස කලහාකාරී අන්දමින් හැසිරෙන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී ඇත.

කැපිටල්හිල් ගොඩනැල්ලේ දොරටු වසා ආරක්ෂාව තර කර තිබුණ ද විරෝධතාකරුවන් ඉතා ප්‍රචණ්ඩ අයුරින් ඒ තුළට ඇතුළුවීමට උත්සහ දරා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් යෙදුව ද තත්ත්වය පාලනය කර ගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බවයි.

සභාගර්භයේ කතානායක පුටුව පවා විරෝධතාකරුවන් සිය සන්තකයට නතු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොන්ල්ඩ් ට්‍රම්ප් පරායට වුවද රිපබ්ලිකන් පාක්ෂිකයින් එය පිළිනොගන්නා බව මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා තුළින් පෙනීයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් ඇතුළු පාර්ශව ගණනාවක් ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය වංචනික අන්දමින් ලබා ගත් බවට චෝදනා නැගුව ද මේ වනතුරුත් එවන් කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට සමත් ව නැත.

එළඹෙන ජනවාරි 20 වැනි දා අමෙරිකාවේ තේරිපත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් 46 වන විධායක ජනාධිපති ලෙස ධුරයේ දිව්රුම් දීමට ද නියමිත වේ.

වොෂින්ටන්හි ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට ද මේ වනවිට සීමා පනවා ඇති අතර ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම පැය 12 ක කාලයකට අවහිරි කර තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්