නවතම පුවත්

වයස 16ට අඩු නම් ජොබ් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අවුරුදු 16ට අඩු දරුවන් රැකියාවන්හි යෙදවීම තහනම් කර නව නීති රීති ඇතුළත් පනත් කෙටුම්පත් හතරක් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පනත් කෙටුම්පත් මැතිසබයට ඉදිරිපත් කර ඇත.
මෙම පනත් කෙටුම්පත් පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසුවේ මෙරට දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම නව නීති හඳුන්වා දෙන බවයි.
මේ පනත් හතර සම්මත වූ පසුව මේ රටේ අවුරුදු 16ට අඩු කිසිම දරුවකු රැකියාවන්හි යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද ඇමැතිවරයා කීය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුති අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බව කී සිල්වා මහතා ළමා ශ්‍රමය පාවිච්චි කිරීම සියයට බිංදුවක් දක්වා අඩුකර ගැනීම රජයේ ඉලක්කයයි.
 පාසල් වේලාවට පෙර හා පසුව මවුපියන්ගේ කෘෂිකාර්මික කටයුතුවලට උදව් වීමටත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමටත් එම දරුවන්ට නව නීතිවලින් බාධාවක් ඇති නොවේ.
මෙවැනි නීති රීති ක්‍රියාත්මක කිරීම මගින් ජී.එස්.පී. ප්ලස් වැනි සහන ලබාගත හැකිවනු ඇතැයි ද එහිදී අවධාරණය කෙරිණ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්