ට්‍රම්ප්ගේ බාල පුතාටත් කොරෝනා

Picture of අසංක

අසංක

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුත්, 14 හැවිරිදි බැරන් ට්‍රම්ප් ද කොවිඩි 19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇත.

ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය

ජනාධිපති ට්‍රම්ප් සහ මෙලනියා දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනාගෙන තිබූ අතර කෙසේ වෙතත් මේ වනවිට ඔවුන් දෙදෙනා සුවය ලබා ඇති බව ධවල මන්ධිරය සඳහන් කර ඇත .

අයෝවා ජනපදයේ පැවති රැළියකදී ද ට්‍රම්ප් මේ ගැන අදහස් දක්වා තිබේ.

එහිදී ඔහු කියා තිබෙන්නේ බැරන්ට රෝගය වැළඳී තිබුණේ කෙටි කාලයක් සඳහා පමණක් බවය.

මේ වන විට ට්‍රම්ප්, කොරෝනා වෛරසය ඒ තරම් ගණන් ගත යුතු දෙයක් නොවන බව පවසන්නටත් සිය පුතාව උදාහරණයට ගනිමින් සිටියි.

‘‘බැරන් පොසිටිව් වුණා.. තත්පර දෙකක් ඇතුළත වගේ.. බැරන් ආයෙත් හොඳට හිටියා.. බැරන් නෙගටිව් වුණා..

‘‘මොකද මේ ලෙඩේ එහෙම තායි තමයි වෙන්නෙ.. ඒක එනව යනවා.. ආපහු ළමයින්ව ඉස්කෝලෙ යවන්න…‘‘ යයි ට්‍රම්ප් මෙහිදී පවසා ඇත