අසංක නවරත්න
කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ වැඩපිළිවෙළ පෙබරවාරි මස 01 වෙනි දින සිට ආරම්භ කෙරේ.
ඒ අනුව ඉදිරියේදී සෑම කුලී ත්‍රිරෝද රථයකට ම මීටරයක් හෙවත් මනු සවිකර තිබීම අනිවාර්ය වන බව මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කුලී ත්‍රිරෝද රථ සඳහා මනු සවි කිරීමේ වැඩපිළිවෙළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදුකරන අතර මනු සවි කරන ලද ත්‍රිරෝද රථ ජනතාවට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ස්ටිකරයක් ඇලවීමට නියමිතය.
මේ අතර මනු ඒකක ප්‍රමිතිගත ඒවා විය යුතු අතර ප්‍රමිතිගත ඒකක මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ.