නවතම පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොවිඩ් බලකායේ කටයුතුවලින් ඉවත්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) කොවිඩ් කාර්ය සාධක බලකායේ සක්‍රීය කටයුතුවලින් ඉවත් වූ බව එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය .

මෙහිදී අදහස් දැක්වූ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද හේරත් මහතා,මෙසේ පැවසීය

එන්නත්කරණය පිළිබඳ අපි වැඩපිළිවෙළක් විශේෂඥයෝ එක්ක සාකච්ඡා කරලා රජයට භාර දුන්නා. අපි භාර දුන්නා යෝජනාවලියේ තිබ්බේ 60න් ඉහළ කණ්ඩායමට එන්නත්කරණයට ප්‍රමුඛතාවය දීලා ඉන් අනතුරුව අනෙකුත් වයස් කණ්ඩයම්වලට එන්න කියන එක. නමුත් ඒක ඒ ආකාරයට සිද්ධ වුණේ නැහැ. අපි දැක්කා විශේෂඥ කණ්ඩායම්, විද්‍යාත්මක ක්‍රමවේද ඉදිරිපත් කරනවා. නමුත් අවසානයේදී ක්‍රියාත්මක වෙනකොට ඊට පටහැනි දේවල් ක්‍රියාත්මක වුණා. ඒ තත්ත්වය වහාම වෙනස් විය යුතුයි. මේක ක්‍රියාත්මක කිරීමේ අවසාන බලතල ලැබිලා තියෙන්නේ කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානියා තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අපි කොවිඩ් කාර්ය සාධක බලකායේ සක්‍රිය කටයුතුවලින් ලෙස අයින් වෙලා දැන් ගොඩක් කල්. අපි මුල ඉඳලාම නිරීක්ෂණය කළා. ගන්න තාක්ෂණික කමිටු තීරණ නොවේ අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ. අපි මේක මං හිතන්නේ කව්රුත් ප්‍රසිද්ධියේ නොකිව්වට කාටත් පැහැදිලියි මොකද්ද වෙන්නේ කියන එක.

.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්