අමෙරිකාවේ ටෙනසී ප්‍රාන්තය හරහා පාස්කු ඉරිදා දිනයේ හමා ගිය සුළි සුළඟකින් චැටනූගාහි දේවස්ථානයක් මුලුමනින්ම සුන්බුන් වූ අතර ඒ අසලින් ගමන් ගනිමින් සිටි ට්‍රේසි ලින් කෝට්ස් එහි නිරුපද්‍රිතව ඉතිරිව තිබූ පල්ලියේ විශාල පියානෝව වාදනය කළ අයුරු පුද්ගලයකුගෙ කැමරාවට හසුවිය.
එහි බලපෑ ප්‍රබල ඊඑෆ් -3 සුළි සුළගෙන් පුද්ගලයන් 3 නෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
එරට ජාතික කාලගුණ සේවයට අනුව,
එය සති අන්තයේ ටෙක්සාස් සිට දකුණු කැරොලිනා දක්වා විහිදුණු කුණාටු පද්ධතියක් මගින් ඇති වූ සුළි සුළං දුසිම් ගණනින් එකකි.
“පියානෝව තිබූ වේදිකාව හැර එය [පල්ලිය] සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. අනේ මට ඒ මොහොතේම එය වාදනය කිරීමට අවශ්‍ය වුණා.” ද්විතියික පාසලක ගුරුවරියක වූ කෝස්ට් පවසන්නීය.
මුලු දේවස්ථානයම සුන්බුන් වී පියානොව පමණක්ම වේදිකාව මත ඉතිරිව තිබෙනු දුටු ඇය එය වාදනය කරමින් ව්‍යසනයට ලක්වූ ඒ අවට ජනතාවට සැනසුම් සුසුමක් මෙන්ම අලුත් බලාපොරොත්තුවක් ගෙනඒමට සමත් වූ බව මෙම සංවේදී දසුන දුටූවන් එරට මාධ්‍ය වෙත පවසා තිබේ.
What a touching moment during @joshroe's live coverage from a church off Shallowford Road. This woman showed up, and said the piano needed to be played. pic.twitter.com/x8qkXtJTAm
— Shannen Sharpe (@sharpeproducer) April 15, 2020