නවතම පුවත්

ටෙනසී සුන්බුන් වෙද්දී පියානෝ වැයූ ට්‍රේසී

අසංක

අසංක

 

අමෙරිකාවේ ටෙනසී ප්‍රාන්තය හරහා පාස්කු ඉරිදා දිනයේ හමා ගිය සුළි සුළඟකින් චැටනූගාහි දේවස්ථානයක් මුලුමනින්ම සුන්බුන් වූ අතර ඒ අසලින් ගමන් ගනිමින් සිටි ට්‍රේසි ලින් කෝට්ස් එහි නිරුපද්‍රිතව ඉතිරිව තිබූ පල්ලියේ විශාල පියානෝව වාදනය කළ අයුරු පුද්ගලයකුගෙ කැමරාවට හසුවිය.

එහි බලපෑ ප්‍රබල ඊඑෆ් -3 සුළි සුළගෙන් පුද්ගලයන් 3 නෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

එරට ජාතික කාලගුණ සේවයට අනුව,
එය සති අන්තයේ ටෙක්සාස් සිට දකුණු කැරොලිනා දක්වා විහිදුණු කුණාටු පද්ධතියක් මගින් ඇති වූ සුළි සුළං දුසිම් ගණනින් එකකි.

“පියානෝව තිබූ වේදිකාව හැර එය [පල්ලිය] සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. අනේ මට ඒ මොහොතේම එය වාදනය කිරීමට අවශ්‍ය වුණා.” ද්විතියික පාසලක ගුරුවරියක වූ කෝස්ට් පවසන්නීය.

මුලු දේවස්ථානයම සුන්බුන් වී පියානොව පමණක්ම වේදිකාව මත ඉතිරිව තිබෙනු දුටු ඇය එය වාදනය කරමින් ව්‍යසනයට ලක්වූ ඒ අවට ජනතාවට සැනසුම් සුසුමක් මෙන්ම අලුත් බලාපොරොත්තුවක් ගෙනඒමට සමත් වූ බව මෙම සංවේදී දසුන දුටූවන් එරට මාධ්‍ය වෙත පවසා තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්