නවතම පුවත්

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කුළුඳුල් ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය ඉන්දියාව හා නවසීලන්තය අතර එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී අද (18දා) මෙරට වේලාවෙන් ප.ව. 3.00 ආරම්භ විය එහෙත් වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කල අතර  එළඹෙන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වේ. මෙම තරගය ජයපැරදුමින් නිමා වුවහොත් හෝ ලකුණු සමවුව හොත් ශූරතාව කණ්ඩායම් දෙකටම ලබාදීමට නියමිතය‍.

එමෙන්ම එක් දිනයක තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් අමතර දිනයක් ලබාදීමටද සංවිධායකයන් පියවර ගෙන ඇත. තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඇ.ඩො. මිලියන 1.6(රු.කෝ. 31ක්)ක මුදලක් ලබාදීමට නියමිත අතර, අනුශූර කණ්ඩායමටද ඇ.ඩො. 800,000(රු. කෝ. 15)ක මුදලක් ලබාදීමට නියමිතය.

මෙම තරගාවලිය ආරම්භ කිරීමේ මූලික අදහස 2010 වර්ෂයේදී කරළියට පැමිණියද, තරගාවලිය පැවැත්වීමට සූදානම් කර තිබූ අවස්ථා දෙකකදීම (2013 හා 2017) එය පැවැත්වීමට නොහැකි විය. අනතුරුව මීට වසර දෙකකට පෙර, එනම් 2019 වර්ෂයේ අගෝස්තු 01 වැනිදා මෙම තරගාවලිය ආරම්භ විය. ඒ සඳහා ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 09ක් සහභාගි විය. සමස්ත තරගාවලියට තරග 61ක් ඇතුළත් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්