නවතම පුවත්

ඩාර්ක් නෙට් හී දෙවැනි විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම අල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අන්තර්ජාල සෙවුම් යාන්ත්‍රණවල ඇස් වසා ලොව දෙවැනි විශාලතම නීතිවිරෝධී අන්තර්ජාල මත්ද්‍රව්‍ය වෙළෙඳ පොළ පවත්වාගෙන ගිය පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

බටහිර ජර්මානු පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහි සොරකම් කරන ලද දත්ත සහ වෛරස් ඇතුළත් මෘදුකාංග ද තිබී සොයාගෙන ඇත.

ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යංශය හෙවත් FBI ආයතනයද මෙම විමර්ශනයට සහාය දක්වා ඇති අතර, ඔවුන් විසින් ලොස් ඇන්ජලීස්හිදී තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට අදාළ වෙබ් අඩවයි අක්‍රිය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඩාර්ක් නෙට් හෙවත් අඳුරු ජාලය නමින් හැඳින්වෙන මෙම රහසිගත ජාලය අන්තර්ජාලයේ පැවතියද එය ප්‍රධාන සෙවුම් යාන්ත්‍රණවලට හසු නොවන පරිදි සකසා තිබී ඇති අතර, ඊට අදාළ මුදල් සහ ක්‍රිප්ටෝ මුදල්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාශය මෙන්ම, නෙදර්ලන්ත පොලීසිය සහ යුරෝපා සංගමයේ යුරෝපෝල් ආයතනයද මෙම මෙහෙයුම සඳහා එක්ව තිබේ.

මෙම වැටලීම සිදුකළ අවස්ථාව වනවිට මත්ද්‍රව්‍ය ඇණවුම් 63,000ක් ලැබී තිබුණු බවත්, එහි ගනුදෙනුකරුවන් මිලියන 1.1කගේ ගිණුම්ද තිබී ඇති අතර, ඊට සම්බන්ධ වී සිටි ජාවාරම්කරුවන් සංඛ්‍යාව 5400කට අධික බව පොලීසිය පවසයි.

ඒ අනුව, මෙම වෙබ් අඩවියෙහි හිමිකරුවන් නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් ඒවායෙහි වටිනාකමෙන් 2% -6%ත් අතර කොමිස් මුදලක් ලබාගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්