නවතම පුවත්

ඩෙංගු අධි වසංගතයක් වෙයිද ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් තිබෙන නිසා ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ප්‍රජාවිශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

  ජනවාරි 01 වැනි දින සිට මේ මස 07 වැනි දින දක්වා වූ මේ වසරේ පළමු සති18 තුළදී ඩෙංගු රෝගීන් 31450 ක් වාර්තා වී තිබෙන බවත්, පසුගිය වසරේ පළමු සති 18 තුළ වාර්තා වී තිබෙන්නේ රෝගීන් 18641 ක් බවත් එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

  මේ වසරේ 18 වැනි සතියේදී පමණක් ඩෙංගු රෝගීන් 1954 ක් වාර්තාවී තිබේ. එය 17 වැනි සතියේ වාර්තා වූ රෝගීන්ගේ ප්‍රමාණය සැලකීමේදී 3% ක වර්ධනයකි. මේ වසරේ 18 වැනි සතිය දක්වා වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන්ගෙන්  51.7 %ක් වාර්තාවී තිබෙන්නේ බස්නාහිරපළාතෙන් බවත්,  ඩෙංගු වයිරසය ශරිරගත වූ පුද්ගලයන්  අතරින් 75% ක පමණ රෝග ලක්ෂණ නොපෙන්වන බවත්හෙතෙම සඳහන් කළේය.

 දින දෙකත් හතත් අතර පැවතිය හැකි අධික උණ හා හිසරදය, ඇස්යට වේදනාව,ඕක්කාරය, වමනය,සමේ රතුලප හටගැනීම රෝග ලක්ෂණ බවත්,  ඩෙංගු රෝගය කලින් හඳුනා ගැනීම ඔස්සේ රෝගියාගේ ජීවිතාරක්ෂාව පමණක් නොව පැතිරීම සීමා කර ගැනීම පහසුවන බවත් පැවසීය.

 නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම සහ රෝගී සත්කාරය ඉතා වැදගත් බවද, ඩෙංගු උණ යැයි සැකකරන විට ප්‍රමාණවත් තරම් විවේක ගැනීම, වෙහෙසකර ක්‍රියාකාරකම්වලින්  වැළකී සිටීම, කුඩා දරුවකු නම් පාසල් යැවීමෙන් වැළකීම හා උණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම  කළ යුතු බවද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්