නවතම පුවත්

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් මුහුදු රාජකාරීන් සඳහා අනුයුක්ත වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුදු රාජකාරීන් සඳහා 2023 මැයි මස 11 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත අනුයුක්ත විය.

නාවික හමුදාව තුළ මෙතෙක් පිරිමි නාවික පුද්ගලයන් හට පමණක් සීමාවී තිබූ නෞකා සහ යාත්‍රා වන්ගේ රාජකාරීන් සඳහා කාන්තා නාවික පුද්ගලයන් හටද අවස්ථාව විවර කිරීමට නාවික හමුදාව විසින් ගත් තීරණයකට අනුව, වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව හැදැරීම සඳහා කාන්තා නිලධාරීන් සහ නාවිකයන් වෙත පසුගිය 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී අවස්ථාව ලබාදීම සිදුකෙරිණි.  එහිදී, මූලික ජලතරණය, නාවික ශිල්පය, ගිනි නිවීම, පණිවිඩ හුවමාරුව, සංග්‍රාමික ප්‍රථමාධාර පිළිබඳ මෙන්ම නෞකා හා යාත්‍රාවන්ගේ විදුලි හා විද්‍යුත් පද්ධතිය පිළිබඳවද න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සහ නාවික තඨාකාංගණයේදී සිදු කෙරිණි.

කලාපීය නාවික හමුදාවන් මෙන්ම ලොව අනෙකුත් බොහෝ නාවික හමුදාවන්ද නෞකාවන්හි මෙහෙයුම් කටයුතු සඳහා කාන්තා නාවික පුද්ගලයන් ඵලදායී ලෙස යෙදවීම සිදුකරනු ලබන අතර, ඉදිරියේදී කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයින් මෙලෙස මුහුදු රාජකාරීන් සඳහා ඵලදායී ලෙස යෙදවීමට ශ්‍රී ලංකා 
නාවික හමුදාව අපේක්ෂා කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්