නවතම පුවත්

ඩෙංගු මඩින්න බැක්ටීරියාවක්

අසංක

අසංක

ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා නම් බැක්ටීරියාවක් පරිසරයට මුදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කර ඇත.

මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන අතර ජෛව පාලනයක් සිදුවන බව අමාත්‍යංශය සඳහන් කර සිටී.

මේ වනවිට ලොව පුරා රටවල් 12 ක් පමණ මෙම බැක්ටීරියාවෙන් ඩෙංගු වෛරසය මර්දනය කර ඇති බවත්, වාර්තාවේ.

ඒ අනුව නියාමන ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ කොටහේන හා නුගේගොඩ ආසන්න ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 25ක මෙම බැක්ටීරියාව ලබන මාර්තු දෙවැනිදා මුදා හැරීමට නියමිතය

එම බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම පෙබරවාරි 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් පවතින කොරෝනා වයිරසයේ අවදානම මතුවීම හේතුවෙන් එය කල් දැමීමට සිදුව ඇත.

ගෙවී ගිය ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 10,607 ක් වාර්තා වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඩෙංගු රෝගීන්ගෙන් අති බහුතරය කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වන බැවින් මෙම ව්‍යාපෘතියේ නියාමන කටයුත්ත කොළඹින් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්