නවතම පුවත්

දෙමළ පක්ෂ කීපයක් විග්නේෂ්වරන්ට එකතු වෙයි

අසංක

අසංක

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතුව බිහි කළ නව සන්ධානයට අද දින තවත් ද්‍රවිඩ දේශපාලන පක්ෂ හතරක් ඒකාබද්ධ විය .

මීට අදාළ ගිවිසුම් අත්සන් තැබීමද ,අද (09) පෙරවරුවේ යාපනය පෞද්ගලික හෝටලයක දී සිදුකෙරිණ .

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා නායකත්වය දරන ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, උතුරු පළාත් හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය නායකත්වය දරන ඊළාම් දෙමළ ස්වාධීන පක්ෂය හා ටෙලෝ පක්ෂයෙන් ඉවත්වු ටෙලෝ පක්ෂයේ හිටපු ලේකම් වු එස්.ශ්‍රී කාන්ත මහතා නායකත්වය දරන දෙමළ ජනතා පක්ෂය අදාළ ගිවිසුමට අත්සන් කර ඇත.

මෙම සන්ධානය ” දෙමල ජනතා ජාතික සන්ධානය” නමින් එළැඹෙන මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට නියමිතය .

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා විසඳුම් නොලැබෙන බැවින් දෙමළ ජනතාවගේ ගැටළු විසදීම අරමුණු කර ගනිමින් නව සන්ධානය කටයුතු කරන බව විග්නේශ්වරන් මහතා අද දින මාධ්‍ය වෙත සඳහන් කළේය.

උතුරු නැගෙනහිර ජීවත්වන දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන අතර, දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව රවටමින් සිටින බවද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කළේය.

දෙමළ ජනතාව නව සන්ධානයක් බිහි කරන ලෙසට ඉල්ලීම් කළ බවත්, අදාළ සන්ධානය වෙනුවෙන් දෙමළ ජනතාවට හිතැති, දෙමළ ජාතික සන්ධානයට එරෙහි ස්වාධීන කණ්ඩායම්, සිවිල් සංවිධාන, උතුරු නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන්, උතුරු නැගෙනහිර බුද්ධිමත් ජනතාව එක්ව සිටින බවද විග්නේශ්වරන් මහතා පැවසුවේය.

, තෛපොංගල් මුට්ටිය සළකුණ යටතේ අදාළ සන්ධානය මැතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්