ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස වඳ භාවයට පත් කළ පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් මෙරටදී අද ආරම්භවිය .
ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ දී මෙම ව්‍යාපෘතිය අද පෙරවරුවේ ආරම්භ කෙරින
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දිවයිනෙහි ප්‍රථම වරට මෙම කාර්යය සිදු කළ අතර වඳ භාවයට පත් කළ පිරිමි ඩෙංගු මදුරුවන් ලක්ෂයක් පරිසරයට මුදා හැරීම මෙහිදී සිදුවිය .
මදුරුවන් මුදා හැරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය ජානකී හේවාවසන්ති මහත්මිය සදහන් කර සිටියේ, වසර කිහිපයක් සිදු කරන ලද ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් එළිදැක්වීම මෙලෙස සිදු කෙරෙන බවත් මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදුවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය.