නවතම පුවත්

ඩෙල්ටා ආසාධනය වූ 117ක් හමුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් , ඩෙල්ටා ප්‍රභේදය  ආසාදිතවූවන්  117 දෙනෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනාවරණය කර සිටී

ඩෙල්ටා ප්‍රභේදය මෙරටට ඇතුල් වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු මේ දක්වා කාලය තුළ කොළඹ නගර සීමාවෙන් හමුවුණ ආසදිතයින්ගෙන් 75%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී තිබෙන බවද  ඔහු සිය ටිව්ටර් ගිණුමේ දක්වා ඇත .

ජූලි මාසයේ පළමු සතිය තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීම් 19.3%ක් ලෙස තිබුණ අතර  එම  ව්‍යාප්තිය මේ වන විට 75% ඉක්මවා යමින් තිබේ.

කොවිඩ් ආසාදිතයින් 94 දෙනෙකු ගේ ජෛව සාම්පල් පරීක්ෂණ අනුව සිදුකර ඇති නවතම ජානමය අනුක්‍රමණ පරීක්ෂණ අතුරින්ද  හඳුනා ගෙන ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 56ක් වන අතර  ඉන් බහුතරයක් බස්නාහිර පළාත තුලින් වාර්තා වී ඇත.

ඒ, කොළඹ, අංගොඩ, කඩුවෙල, නුගේගොඩ, ගල්කිස්ස, බොරලැස්ගමුව, මහරගම, පිලියන්දල, කහතුඩුව, කැස්බෑව, බණ්ඩාරගම, පානදුර, කළුතර, බියගම, කඩවත සහ රාගම යන ප්‍රදේශ වලින් මෙලෙස ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් හමුවී තිබෙන බව nextstrain.org වෙබ් අඩවියේ දක්වා ඇත

මීට අමතරව ගාල්ල, මාතර, රත්නපුර, කුරුණෑගල, අම්පාර, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්ක වලින් ද ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනා ගෙන ඇති බව nextstrain.org වෙබ් අඩවිය සඳහන් කර සිටි

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්