නවතම පුවත්

ඩෙල්ටා රෝග ලක්ෂණ මතුවන්නේ දින 5කට පසුවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට රෝග ලක්ෂණ පහළවීම සඳහා අවම වශයෙන් දින 05 ක හෝ 06 ක කාලයක් ගතවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී තිබෙ

රෝග ලක්ෂණ පහළ නොවුවද තවත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීම සිදුවන බැවින් මෙය ඉතා භයානක තත්තවයක් බවයි එම විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙ.

පූර්ව‍ රෝග ලක්ෂණ සමයේදී වෛරසය පැතිරීම ප්‍රතිශතය 74 ක් බවට අනාවරණය කරගෙන ඇති අතර මෙතරම් සීග්‍රයෙන් වෛරසය පැතිරීම සිදු වන්නේ ඒ නිසා බවද ජීවන්දර මහතා පවසයි .

. මේ නිසා නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම, හැකිතරම් සමාජයට නිරාවනරණය නොවී සිටීම සියලු දෙනාගේම ආරක්ෂාවට අතිශය වැදගත් වේ.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට ඩෙල්ටා වෛරසය ආසාදනය වීමේ හැකියාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා 65% කින් අඩු බවද පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබෙ.

ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා එන්න්තකරණය අතිශය වැදගත් බවද චන්දිම ජීවන්දර මහතා පවසයි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්