නවතම පුවත්

ඩෙල්ටා, 100% කින් වේගවත් වෙලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩෙල්ටා වෛරසය ප්‍රචාරය වන වේගයට වඩා සියයට 100ක වේගයකින් සමාජය තුළ පැතිර යන බව මෙරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.

මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිළ කරමින් අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙසේ පැවසීය

“අපි මේ වෛරසය සොයාගන්න උගුරේ සෙම පරීක්ෂණයක් කරනවා පීසීආර් කියලා. මේකෙ දී CT අගය කියලා එකක් ගන්නවා. අපි උගුරේ සෙම ගත්තාට පස්සේ 40 වතාවක් රත් කරනවා. ඒ 40 වතාවේ දී මේ වෛරසය හමුවුණේ නැත්නම් අපි කියනවා ඒ ලෙඩාට වෛරසය ආසාදනය වෙලා නෑ කියලා. අපි මුල අවස්ථාවේ දී අපි මේ වෛරසය එන කොට 32 – 33 වතාවක් වගේ මේක වර්ධනය කරාම තමයා වෛරසය හමුවුණේ. දෙවැනි රැල්ල එනකොට අපි සාමාන්‍යයෙන් 22 වතාවක් මේ වෛරසය වර්ධනය කරාම අපි ඒක දකිනවා. පසුගිය මාර්තු මාසයේ පමණ වෙනවිට සාමාන්‍යයෙන් 15 පාරක් පමණ 15 -12 වතාවක් වර්ධනය කරන විට වෛරසය හමුවුණා. පසුගිය දින කිහිපය වන විට උගුරෙන් ගත්ත සෙම එක්වරක් වර්ධනය කළ විට වෛරසය දකින්න පුළුවන්. කෙල බිඳිති මඟින් ප්‍රචාරය වුවත් උගුරේ තිබෙන වෛරස ප්‍රමාණය වැඩිවෙන විට එය බිඳිතිවලට යනවාට අමතරව වාතයට එකතු වේ.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්