ඩෙල්ෆ් දූපත ආසන්නයේ හුණුගල් පරයක සිරවී තිබෙන සැකකටයුතු ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාවක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් අරඹා තිබේ.
මෙම ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාව ඩෙල්ෆ් දූපතේ සිට කිලෝමීටර් 200ක් පමණ ඈතින් හුණුගල් තට්ටුව මත සිරවී තිබියදී නිරීක්ෂණය වී ඇත.
පරීක්ෂා කරන අවස්ථාවේදී එහි ධීවරයින් කිසිවකු සිට නොමැති නමුත් පාවහන් යුගල 4ක් සහ මාළු අල්ලන දැලක් සහ GPS උපකරණය හමුවී ඇත.
ධීවරයින් ගැන හෝ එම යාත්‍රාව අනවසර මුහුදු සීමාවට පැමිණියේ ඇයිද යන්න අනාවරණය වී නොමැත.
ඔවුන් මෙම ස්ථානයෙන් ඉවත්ව ගියෙ ඇයිද යන්න පිළිබඳ සැකසහිත වී ඇත.
විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක ය.