පැතුම් වික්‍රමරත්න
අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (31) දිනයේදී රුපියල් 204.89 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත
එය මෙතෙක් ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය වෙයි.
මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල ඊයෙ දිනයේ දී රුපියල් 198.90 ක් ලෙස වාර්තා වී ඇත.
මීට පෙර 2021 අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 204.62 ක් ලෙසින් වාර්තා වී තිබුණි.
ඩොලරයේ විකුණුම් මිල මෙලෙස ඊයේ දින විචලනය වූයේ 2021 ජූනි 23 දිනෙන් පසුව වීමද විශේෂත්වයකි. ඒදින සිට ඊයේ දින දක්වා රු. 202.89 ක ස්ථාවර අගයක ඩොලරයේ විකුණුම් මිල පැවතුණි.