නවතම පුවත්

ඩොලරය යලි ඉහළ ගියේ ඇයි ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ මෙය ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇතිවූ තත්ත්වයක් වන බවය.

එය කළමනාකරණය කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇති බවද ඔහු පැවසීය.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීමක් පසුගිය දින කිහිපය තුළ දක්නට ලැබුණු අතර මහ බැංකුවේ ඩොලරයේ මධ්‍ය අගය රුපියල් 300 ඉක්මවා තිබේ.

බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 311 සිට රුපියල් 315 අතර අගයකය.

එම වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330ක පමණ අගයක පැවැතුණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“මේකට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ඩොලර් මිල තීරණය වෙන්නේ ඉල්ලුමත් සැපයුමත් අතර. දැනට මහ බැංකුව ඩොලර් බිලියන 03ක ප්‍රමාණයක් මිලදී ගත්තා. ඒ නිසා තමයි ඩොලර් එක ඔය තැනවත් තිබෙන්නේ. නැතිනම් තවත් යනවා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්