නවතම පුවත්

දංකොටුව පෝසිලේන් කෝටි 230කට විකුණයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන් හි බහුතර කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ.

ඒ අනුව දංකොටුව පෝසිලේන් පීඑල්සී හි මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින්, දංකොටුව පෝසිලේන් පීඑල්සී හි සිය කොටස් හිමිකාරීත්වයෙන් 50.1% ක් අලෙවි කිරීමට තීරණය කර ඇත.

ආයෝජන සමාගමක් වන Ceyline Investments (Private) Limited විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකරනු ලබන අතර ඒ සඳහා අදාළ ගිවිසුමට ඊයේ (15) දිනයේ දී එළඹ ඇති බව වාර්තා වේ.

රු. මිලියන 2,304.60 ක මිලකට මෙම කොටස් ගනුදෙනුව සිදුකිරීමට නියමිතය.

දංකොටුව පෝසිලේන් සමාගමේ 72.51% ක කොටස් හිමිකාරීත්වය, ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පවතී.‍

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්