නවතම පුවත්

ඩොලර් මිලියන දෙකක් වටින ලංකාවේ හදපු මල්ටි බැරල් අවිය මෙන්න EXCLUSIVE INTERVIEW

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට ප්‍රථම වරට නිපදවන ලද මිසයිල පද්ධතියක් ඇතුළු යුධ උපකරණ කිහිපයක් පසුගියදා පවතී 71 වැනි ජාතික නිදහස් දින උළෙලේ ආචාර පෙළපාළියේදී ප්‍රදර්ශනය කෙරුණු අතර එහිදී ඒ පිලිබඳ විශාල අවධානයක් හා කතාබහක් රට තුල ඇතිවිය . ඇත්තෙන්ම රටේ බහුතරයක් දෙනා මෙම අවි ආයුධ දැක මවිතයට පත්විය . ශ්‍රී ලංකාව තුල මෙවැනි නවීන යුධ උපකරණ නිෂ්පාදනය කරන බවක් හෝ මෙවැනි අවි නිෂ්පාදනාගාරයක් මෙරට තුල පවතින බවක් හෝ මෙරට පොදු මහජනතාව මෙතෙක් නොදැන සිටීම ඊට මූලිකම හේතුව විය.

මේ නිසාම මෙම අවි ආයුධ වල සුල මුල පිළිබඳව සොයා බලා ,ඒ ගැන ජනතාවට තොරතුරු හෙළිදරව් කිරීමට ,
www.thecolomboexpress.com අප තීරණය කළෙමු.

ඒ අනුව එම අවි නිෂ්පාදනය කල ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් බ්‍රිගේඩියර් ආචාර්ය තිරාන් ද සිල්වා මහතා සමග අප කල සම්මුඛ සාකච්ජාව පහත දැක්වේ.

ප්‍රශ්නය – මෙම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ආරම්භය ගැන යමක් සඳහන් කලොත් ?

පිළිතුර – ඔව් , මෙය ආරම්භ කලේ 2006 වසරේ. ඒ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි. ලෝකයේ දියුණු රටවල් සියල්ලකම පාහේ මෙවැනි ආරක්ෂක පර්යේෂණ ආයතන තිබෙනවා , අවි නිෂ්පාදනය කෙරෙනවා. ඉතින් අපේ රට තුලත් එවැන්නක් බිහිකිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ඒ මහතාගේ කාගේත් අදහස වුනා .

2014 වසරේදී තමයි මෙම මධ්‍යස්ථානය , හෝමාගම පිටිපන ප්‍රදේශයේ ස්ථානගත වෙන්නේ . එතැන් සිට අප මෙම පර්යේෂණ හා නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත්ව හා කාර්යක්‍ෂම ලෙස ඉදිරියට ගෙන ආවා.


ප්‍රශ්නය – ඔබ ආයතනය පිහිටුවනු ලබන්නේ පසුගිය රජය සමයේ. එබැවින් වත්මන් රජය බලයට පත්වූ පසුව ආයතනයට අවශ්‍ය පහසුකම් හා සහය දිගින් දිගටම නොවෙනස්ව ලැබුනාද ?

පිළිතුර – ඔව්. 2015 නව රජය බලයට පත්වූ පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප ගෙන්වා මෙම මධ්‍යස්ථානය ගැන තොරතුරු විමසුවා. අප ඒ පිලිබඳ සියලු විස්තර ඔහුට දැනුම් දුන්න . එහිදී අපගේ ක්‍රියාවලිය ගැන පැහැදුණු ජනාධිපතවරයා , ඉදිරියටත් අපට අවශ්‍ය සහයෝගය ලබාදීමට පොරොන්දු වුනා. ඒ අනුවම අපට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සියල්ල නිසි ලෙස ලබාදීමට ජනපතිවරයා කටයුතු කළා.


ප්‍රශ්නය – මේ වනවිට ඔබගේ මධ්‍යස්ථානය නිෂ්පාදනය කර ඇති අවි ආයුධ ගැන විස්තරයක් කලොත් ?

පිළිතුර – ඔව් . මේ වනවිට අප අවි ආයුධ ව්‍යාපෘති 30 ක් පමණ සාර්ථකව නිම කර භාරදී තිබෙනවා . විශේෂයෙන්ම නවීනතම මල්ටි බැරල් රොකට් ලෝන්චරයන් හා මිසයිල පද්ධති අප ඉතා සාර්ථකව නිෂ්පාදනය කර තිබෙනවා . එසේම ඒවාට අවශ්‍ය උණ්ඩ සියල්ලද අප විසින්ම නිෂ්පාදනය කර තිබෙනවා . එසේම අවි පුහුණුවට අවශ්‍යවන නවීනතම පුහුණු පද්ධති කිහිපයක්ද අප නිෂ්පාදනය කර තිබෙනවා.

ප්‍රශ්නය – මෙම අවි නිෂ්පාදනය සඳහා විදෙස් රටවල තාක්ෂනික සහය ලබගන්නවාද ?

පිළිතුර – නැහැ . එය තමයි අපගේ මධ්‍යස්ථානයේ විශේෂත්වය . මෙය සියයට සියයක් ශ්‍රී ලාංකිකයි. මෙහි වැඩකරන්නේ ආරක්ෂක අංශවලට අයත් විශේෂඥයින් . යුධ උපකරණ නිර්මාණ ක්‍රියාවලිය භාරවී ඇත්තේ අචාර්ය චන්දන පෙරේරා මහතාටයි ඔහුත් ආරක්ෂක අංශවල හිටපු නිලධාරියකු වගේම විශේෂඥයකු වනවා. අපේ රටේ සිවිල් විශේෂඥයින්ගේ සහයත් අවශ්‍ය පරිදි අප ලබාගන්නවා. නමුත් විදෙස් රටක කිසිම සහයක් අප මේ සඳහා ලබාගෙන නැහැ.

ප්‍රශ්නය – මෙම අවි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂනික අංගෝපාංග ?

පිළිතුර – ඒවාත් සියල්ලම අප ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය කළා. එමනිසා තමයි අපි කියන්නේ මේක සියයට සියයක්ම ශ්‍රී ලාංකික නිෂ්පාදන ක්‍රියාවලියක් කියල.

ප්‍රශ්නය – මෙම අවි ආයුධ වල ප්‍රමිතිය ගැන යමක් පැවසුවොත්

පිළිතුර – ඔව් . විදෙස් රටක විශේෂඥ සහය ලබනොගත්තත් , අප නිෂ්පාදනය කරන අවි ආයුධ ලෝකයේ දියුණුම රටවල නිෂ්පාදනය කරන අවි ආයුධ වල ප්‍රමිතියට සමානයි . ඇතැම් විට ඒවා විදෙස් රටවල ප්‍රමිතියටද වඩා ඉහල යැයි ප්‍රකාශ කලත් වැරද්දක් නැහැ. අප නිෂ්පාදනය කරන අවි ආයුධ හා යුධ උපකරණ එතරම්ම උසස් මට්ටමේ පවතිනවා.

ප්‍රශ්නය – අවි ආයුධ හා යුධ උපකරණ මෙලෙස මෙරටදීම නිෂ්පාදනය කිරීම ආර්ථික වශයෙන් රටට ලාභදායීද?

පිළිතුර – රුපියල් මිලියන ගණනක විශාල ලාභයක් මේ හරහා රටට ලැබෙනවා. සාමාන්‍යයෙන් අප නිෂ්පාදනය කරන බැරල් දහයයේ, රොකට් ලෝන්චරයක් හෙවත් රොකට් විදිනයක් විදෙස් වෙළඳපොලේ ඩොලර් මිලියන දෙකක් පමණ මිලයි. නමුත් පර්යේෂණ කටයුතු සඳහා වයවූ මුදලත් එකතු කර ගණන් බැලූවත් එම අවිය නිෂ්පාදනය කිරීමට අපට වැයවී ඇත්තේ රුපියල් ලක්ෂ 70ක් පමණයි. ඉදිරියේදී වානිජ්‍ය වශයෙන් මෙම අවි නිෂ්පාදනය ආරම්භ කල විට ඊටත් වඩා අඩු මුදලකින් ඒවා නිෂ්පාදනය කිරීමට අපට හැකිවනවා. මිසයිල පද්ධතිය තුලින්ද අප රටට ඩොලර් මිලියන ගණනක මුදලක් ඉතිරිකරදී තිබෙනවා.

ප්‍රශ්නය -මෙම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ඉදිරි ඉලක්ක හා අරමුණු මොනවාද?

පිළිතුර -ඇත්තෙන්ම අපගේ මධ්‍යස්ථානය දැනටමත් මෙරට පර්යේෂණ හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදුකර තිබෙනවා. එම ක්‍රියාවලිය තවදුරටත් සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාම අපගේ අරමුනයි. මෙම නිෂ්පාදන වානිජ්‍ය වශයෙන් ව්‍යාප්ත කර, විදෙස් රටවලට විකිණීමටත් ඒ හරහා විදෙස් විනිමය මෙරටට ලබාගැනීමටත් අප සැලසුම් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම යෝජනාව අප වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එසේම මෙරට නාමය තවදුරටත් ඉහලට එසවීමට හා මෙරට යුධ ශක්තිය පිලිබඳ ලෝකයටම පණිවුඩයක් දීම සඳහා නව නිර්මාන කිහිපයක්ම ඉදිරියේදී නිෂ්පාදනය කිරීමටද අප බලාපොරොත්තුවනවා. දැනටමත් වෙඩි නොවදින නවීනතම රබර් ආවරණයක් අප නිෂ්පාදනය කර සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙනෙවා . එසේම බැරල් 20, හා 40 යන ප්‍රමාණවල රොකට් ලෝන්චර නිෂ්පාදනය කරනවා
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

IMF
IMF වෙතින් කරුණු 16ක ක්‍රියාකාරී සැලැස්මක් !
image-27
ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන LNG නෞකාව හම්බන්තොටට!
image-24
බානගල උපතිස්ස නා හිමියෝ තයිලන්තයේ පිඬුසිඟා වඩිති.
image-23
නුවරඑළියටම ප්‍රදීපයක් වූ  රේණුකා හේරත් 
production & services1
පෙබරවාරියේ මෙරට නිෂ්පාදන හා සේවා ඉහළට
small-dog-biting
වැඩිම ජලභීතිකා මරණ ගම්පහින් වාර්තා වෙයි
image-22
IIHSආයතනය ‘අපි පිළිගැනීමෙන් ඉහළයි’ තේමාව දියත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරයි
image-21
මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක්IIHSවෙතින්
image-20
සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHSසහ DFCC බැංකුව එක් වේ
image-19
වියතුන් තැනූ "මෝඩ බැම්ම"ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු